university

Thursday, September 10, 2015

කවුද කිව්වෙ හිරි ඔතප් බිදගෙන ආදරේ කරන්න...........







වැදුම් ගෙතුළින් චීත්තය වැනෙද්දී උප්පැන්න ලියන්නට අපට අප්පෙක් උන්නේය.ළෙලදුන්න චීත්තය අප්පගේ හිසට මහාමේරුවක බර එක් කරද්දී ඔහු මුව පුරා හිනව වුණේ දැහේ කදු`ථ පුරෝගෙනය.මව් ගැබේ ගුළි වුණේ සරමක්ද,චීත්තයක්ද තැකීමක් නොකළ අප්පච්චී චීත්ත සරම් ඉරන්නට අම්මාට උඩගෙඩි නොදුන්නේය.නව මසක් ගැබේ එති චීත්ත පොඩිය සීරු මාරුවට අම්මගෙ විලි රුදා මැද්දෙ ඇඩුම් වපුරා කළ එළි බසිද්දී අප්පච්චී සංයමයෙන් බලා උන්නේය. අපේ අප්පච්චී සරමක් ඉල්ලා වැදුම් ගෙයි පිට උද්ඝෝෂණ නොකළේය.

අප්පච්චිගේ පුංචි දෝණි දැන් දගකාර හැඩකාර ළමිස්සියෙක්.

අම්මයි,අප්පච්චී ආදරයත් පේ‍්‍රමයත්,රාගයත්,රමණයත් සීමා මායිම් ඇතුළෙ,කාල රාමු ඇතුළෙ වින්දා හින්දා අප්පච්චි අම්මට චීත්ත සරං ඉරන්න උඩගෙඩි නොදුන්න විත්තිය වටහගන්න පු`ථවන් ලොකු ළමිස්සියක්.

කොහොම වෙතත් ඒ වැටහීම නිවැරදිනම් ඇයි හෙරොයින්,මත්පැන් වගේ ලාභදායි රස්සා අස්සේ ගබ්සාවත් කරනං ගහන්නෙ.

ඇහැට කණට පේන හැඩකාර දෝණිගෙ ආදරේ විසේකාර කොල්ලෙක් පිට් පොකට් ගහලා. කලිසමේ පිටිපස්සෙ සාක්කුවෙන් නෙවෙයි.අප්පච්චිගෙ කමිසෙ ඉස්සරහ සාක්කුවේ පපුවට තුරු`ථ කරගෙන ඉද්දිම.

සොබාදහම මිනිස්සු මැව්වේ හරි අපූරු විදිහට. කොල්ලෙක්ට කෙල්ලක්ට ආදරය කරන්න සුන්දර තරුණ කාලයක් ලබා දුන්නෙත් සොබා දහමමයි. දෝණිත් ඒකයි කැමැත්තෙන්ම පිට්පොකට් කාරයාගෙ සාක්කුවට මාරු වුණේ.

ඒත් කවුද කිව්වෙ හිරි ඔතප් බිදගෙන ආදරේ කරන්න.පේ‍්‍රමය රාගයෙන් තොර ස`ද එළිය සේ අචින්ත්‍යයයි කීවට හැම ආදර කතාවකම පිටට ලෝකයට නොපෙනෙන රාගයේ ස`ථ පිළි එතිල තියෙනවා තමයි.හිරි ඔතප් බිදගෙන ඒ ස`ථ පිළි අස්සෙ පැටලූනොත් කෙල්ලෙක්ට ජීවිතේ වරදින්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

හිතු මතේ තහනම් ගහේ ගෙඩි කන්න කෙල්ලන්ට බෑ.තහනම් ගහේ ගෙඩි වල රහ වැටුනොත් දිරවීමේ සීමාව ඉක්මවා යන බන්ධනයට ගොදුරු වෙන්නෙත්  කෙල්ල විතරයි.ආදරය පේ‍්‍රමය,රාගය,රමනය එක්ක පෙම්වතිය සම`ග පෙම්බස් දොඩන ගොඩක් පෙම්වතුන් බඩ වීමත්, බඩ සේදීමත් කියන ඌට අප‍්‍රියජනක මාතෘකා වලදි පෙම්වතීට සමුදීමේ ගීතය ලියනවා.

හැම ආදර කතාවක්ම මායාවක්නම් නෙවෙයි.ඒත් තරුණ කාලෙ ආදාරය කියන මායාව අත වනද්දි අපේ ගොඩක් කෙල්ලන්ට තමන්ගෙ ආරක්ෂාව අනාරක්ෂිත බව කියන සීමාවක් ගැන සිහි කල්පනාවක් නෑ.උච්ච,නින්දිත අශිෂ්ට විදිහට ආදරේ අශාවල් එක්ක පොර බදින උන් අන්තිමේ නතර වෙන්නෙ හොර ගබ්සා මඩුවක.අන්න එතකොටයි ඒකිට හිරි ඔතප් ඇති වෙන්නෙ.ලෝකයා තමන්ට ගහන ගල්මුල් වල රිදුම් දැනෙන්න ගන්නෙ.

කෙල්ලගෙ බඬේ ඉන්න පොඩි එකාට අප්පෙක් වෙන්න පෙම්වතා සූදානන්නම් උන් තහනම් ගහේ ගෙඩි කෑවට අවලාද නගන්න සමාජයට බෑ.එත් එහෙම වෙනවනම් කොහොමද ගබ්සාව නීති ගත නොවුණු ලංකාවේ හොර ගබ්සා මඩු,ජංගම ගබ්සා විතරක් නෙවෙයි උගත් යැයි කියන තරුණ පිරිස් ඉන්න උසස් යැයි සම්මත අධ්‍යාපන පද්ධති ඇතුළෙ පවා ගබිසා මඩු තුන හතර බිහි වුණේ.

පේ‍්‍රමය පිවිතුරුයිනම් මෙහෙමත් නින්දිත වුණේ කොහොමද?
පේ‍්‍රමය පිවිතුරුයි නම් කෙල්ලගෙ ජීවිතේ පෙම්වතෙක් අවදානමකට තල්ලූ කරන්නෙ කොහොමද?

ගොඩක් ආදර කතා ආදරේ කියන අකුරු හතර හැගීම් එක්ක වහල් කමට විකුණනවා.බිත්ති හතරකට මුවා වෙලා වික්ක හැගීම් සතර කන් මන්ත‍්‍රණ විතරක්ම වෙයි කියල හිතන කෙල්ලො කොල්ලගෙ අතේ එල්ලිලාම ගබ්සා වෙද්දු කියන තිරිසන් ආත්ම ළ`ග දණ ගහනවා.කොල්ල හරි සංගමයෙන් බලාගෙන ඉන්නවා.ඒත් ඒ අපේ අප්පච්චි බලාගෙන හිටිය වගේ නම් නෙවෙයි.කිරි සප්පයෙක්ගෙ බෙල්ල මිරිකන්න බලාගෙන ඉන්නවා.


තමන්ට දාව උපදින්න ඉන්න එකා අමානුෂික විදිහට මරණ මඩුවට ගෙනියන කොල්ලනට ඒ පොඩි එකාගෙ අම්මව දාල යන එක මහ දෙයක් නෙවෙයි.ඒ තිරිසන් මඩුවෙ තමන්ට උපදින්න ඉන්න පොඩි එකාගෙ මරණය විතරක් නෙවෙයි තමන් ඉස්සරහ හිරි ඔතප් බින්ද කෙල්ලගෙන් වෙද්දු ලිංගික අල්ලස් ගන්න විත්තිය දන්න උන් තව එකෙක් අතගාපු ශරීර කූඩුවක අයිතිකාරයා වෙන්නත් පස්ස ගහනවා.

සතර කන් මන්ත‍්‍රණ අනිත් කන් වලට යන්න වැඩි කල් යන් නෑ.කෙල්ල දරුව මරපු අම්ම කියලා හංවඩු ගැහෙද්දි,කරපු පව් පල දීලා වද ගෑණි කියලා සමාජ අපවාද අහද්දි ඒකිගෙ පෙම්වතා වෙන දීගෙක ගිහින් පිරිසිදු අම්මෙක්ගෙ දරුවන්ට නිර්දෝෂී අප්පච්චි කෙනෙක් වෙයි. 

හැමදේකම වරද කොල්ලටම පටවන්නම බෑ. කොල්ලටත් හැම දේකම සීමාව ඉක්මවා නොයන්න වගකීමක් තිබ්බා.රාගයේ ස`ථ පිළි අස්සෙ තුරු`ථ වෙන්න කලින් කෙල්ලටත් හිතන්න පුංචි හරි මොලයක් තිබ්බා.වරදින ජීවිතේට ආයෙ හරි ලකුණු එන් නෑ.

 සංස්කෘතිය කියන වචන ඇතුළෙන් එළියට පැන ගන්න බැරුව ලංකාවේ ලිංගික අධ්‍යාපනයට තහංචි වැටෙද්දි අනේ අපොයි අප්පච්චිගෙ පුංචි දෝණි සිල්ලර කඬේක ලාබෙට විකිණෙනවා.කොහේ හරි වැරදිලා.... කොතන හරි වැරදිලා.... 

අප්ච්චි චීත්ත සරං ඉරන්න අම්මට උඩගෙඩි දුන්නනම් කෝ අපට උපතක් කියලා අප්පච්චිගෙ දරුවන්ට අමතක වෙලාවත්ද?

සාගරිකා අමරසිංහ