කෙල්ලො මත් නොවී ඉන්න එක නේද ගොඩක් හොද?
මතට තිත තිබ්බ කාලෙ ගමේ රොසලියා නැන්දාගෙ කසිප්පු පොට් එකට සීල් වැදුණා.හවහට හවහට හේවිසි හොරණෑ නැති පෙරහැරකට පේ වෙලා හිටි ඉහ නිකට මෝරපු,පැහුණු උනදැලා හීන් සීරුවේ සිදාදියේ තැබෑරුමට රීටුවා. ඔන්න තරුණද, මැදිවියේද, නාකිද භේදයක් නැතුව පිරිමි පරාණ දැල් කඬේ දැල් අස්සෙ තෙරපෙනවා ඉහ මොල රත් කර ගන්න. රොසලියා නැන්දා නම් දරාපු කසිප්පු රැුජිණි උනත් මැගියලා සොපියලා අඩියක් ගහන්න ඒ ගුබ්බෑයමට නොගිය විත්තිය නම් හැබෑව. ඒ විදිහමයි තැබෑරුම ආසිරාවෙම ස්ත්‍රී සේයාවක් ඇහැ ගැටෙන්න නෑ. මොකක්ද හැබෑට කාරණාව? අපේ රටේ ගැහැණුන්ට මත්පැන් මිලදී ගැනීම නීතියෙන් තහනම්.
අතින් සල්ලි විසික් කරල අරක්කු බෝතලේ ඉනේ ගහගන්න එපා කියලා නීති ඇතත් ගෑණුන්ගෙ දතකට පූට්ටු කරලා මත්වතුර අකැපැයි කියලා විලංගු දාලනම් නෑ. හංගන්න දේකුත් නෙවෙයි.රහසකුත් නෙවෙයි.බහුතරය නොවුණත් අපේ රටේ ස්ත්‍රී පරාණ මතට යොමු වෙලා.
ඇයි කෙල්ලන්ට බොන්න හොද නැද්ද?
උන්ට පෙවෙන්නෙ නැද්ද?
කලවම්ද, නිකන්ද, සැන්ඩි කරලද,........... උනුත් බිවිවොත් පෙවෙනවා.......... වෙරි වෙනවා......... ගදත් ගහනවා...... ඉතින්???
ෂ්..... කළබල වෙන්න එපා... මේක මදුවිතින් මත් වෙන්න කෙල්ලන්ට අවසර ඉල්ලන අවසර පතක් නෙවෙයි.
කෙල්ලක් මතට ලොල් වීම අපේ රටේ සංස්කෘතියට සභ්‍යත්වයට මුවා වෙලාම බලන්න ඕනෙ කාරණයක්. ඇත්තටම ඒක මහා ඛේදවාචකයක්.
රැුඩිකල් වෙන්න හදන නූතන පන්තියේ විකෘති ”කෙල්ලො බිවිවට කමක් නෑ” කියනවා. හොදම කතාව ම`ගුල් සාජ්ජෙකදි ,සාදයකදි බියර්, විස්කි නොබන කෙල්ල ගොඬේ කෙල්ලක් කියන පිරිමිත් අද ඉන්නවා. එංගලන්ලෙ ඇමරිකාවෙ නෙවෙයි, ලංකාවේ. , සු`ථතර ධනපති පන්තියෙත් නෙවෙයි, උනුත් වාඩි වෙලා ඉන්නෙ අපේම පන්තියේ පුටුවල.
වොඞ්ගා බෝතලේ කටේ ගහගෙන, දුම්වැටිය අතට අරගෙන කෙල්ලන්ට පොෂ් වෙන්න කියලා සමහර කොල්ලොත් කෙල්ලන්ට කියනවා කියන එක පුරුෂ සමාජය පිළි ගනීද මන්ද?
අත්දැකීමෙන්ම මේක ඇත්තක්. වෙඩින් එකකට ගියහම
”ඇයි බිව්වෙ නැත්තෙ.. කට්ටිය හිතන්න ඇති මහ ගොඬේ කෙල්ලක් කියලා”
කෙල්ලක් ටිකක් බීලා ජොලි කලාට කමක් නෑ”
කියන කොල්ලො ඉන්නවා. එහෙමනම් අලූත්ම ටේරන්ඞ් එක පිරිමියා කැමති ගැහැණියගේ තාවකාලික විකාරරූපී වෙස් පෙරළීමකටද? කොයික වෙතත් ඒ විකාරරුපී වෙනස ඔය ඔහොම කියන පිරිමිත් තමන්ගෙ අනාගත සහකාරියගෙන් බලාපොරොත්තු වෙන් නෑ කියන එකනම් ඒකාන්තයි.
හරි.... කොල්ලෙක් කිව්ව කියලාම නෙවෙයි රජකාලෙ ඉදන් කෙල්ලො බිව්වා... ප්‍රසිද්ධියේ නෙවෙයි, හොරෙන්. දැන් ටිකෙන් ටික එළිපිටට ඇවිත්.
නූතන පන්තියේ විකෘතියක් ඇතුළෙ social වෙන්නනම් කෙල්ලොත් බොන්න ඕනෙලූ. මේක නූතන පිරිමි මැවූ සහ සංකර ගැහැණු මවා ගත්ත මායාවක්. ඒ විජ්ජා ලෝකෙ පැළපදියන් වෙන කෙල්ලො මුදුවිතෙන් මත් වෙලා සිහි විකල් කරගෙන නිකන් නිස්කාරණේ නැති නාස්ති වෙනවා.පිරිමින්ට මත් වුණාහම වෙනවයි කියන මානසික,කායික කතාන්දර කෙල්ලක්ටත් මත් වුණාට පස්සෙ වලංගුයි.
සීනි බෝතලේ පියන ඇරියහම ගද කූඹියෝ වැහි වහනවා පැණි රහට ඉව වැටිලා. පියන ඇරුණු සීනි බෝතලේ පැණි උරපු ගද කූඹින්ට වැරැුද්දක් කියන්නෙ කොහොමද? කෙල්ලත් මත් වුණොත් පියන ඇරපු සීනි බෝතලයක් ගානට වැටෙයි. වියත් දෙකේ සායට කකුල් දෙක පේද්දි සල්ලාලකම් කරන්න හිතුමතේ තීරණ ගන්න පිරිමි ඉන්න සමාජෙක අවසිහියෙන් ඉන්න ස්ත්‍රියක් ළ`ග දණින් වැටිලා පතිනිවත රකින පිරිමි බලාපොරොත්තු වෙන්න බැහැනේ.
අම්මගෙ,තාත්තගෙ,අය්යගෙ,පෙම්වතාගෙ,සැමියාගෙ ආදරය රැකවරණය ලබන්න කෙල්ලක් ස්වාභාවිකවම ආස කරනවා. බලාපොරොත්තු වෙනවා. ඒ රැකවරණයට තියෙන ලෝබකම හින්දම කෙල්ලො ඇතුළතින් තමන් තමන්වම පාලනය කර ගන්නවා. කොහෙත්ම ඒ වාරණය අවැඩක් වෙන විදිහෙ එකක්නම් නෙවෙයි. කෙල්ලක්ට තමන්ගෙ රැකවලූන්ගෙන් මතට තිත වදින්නෙත් සල්ලාල ඉවෙන් ඒකිව ගලවගන්න.
විලාසිතා විජ්ජා ඇතුළෙ, සායම් පින්තාරු ඇතුළෙ කරන කෙල්ලන්ගෙ විච්චූරණ අනුමත කරන්න පු`ථවන්. සරුව පිත්තල වලින් වහගෙන හරි කෙල්ලක් ඒ විදිහට රූප සෝභාවෙ ලස්සන හොයනව කියලා සමාව දීලා.ගොඬේකම වහගෙන කෙල්ලක්ට පොෂ් වෙන්න අඩියක් ගහපන් කියන එක අනුමත කරන්න නම් කොහෙත්ම බැහැ.
මෙහෙම කිව්වයි කියලා හැම කොල්ලෙක්ම මට පුප්පන්න කාරි නෑ.මෙකට අයිති ඉතාම සු`ථ පිරිසක්. කාගෙ කාගෙත් හෘද සාක්ෂිය ”කෙල්ලනේ බීපල්ලා..” කියන්න එක`ග නැති විත්ති සක් සුදක් සේ පැහැදිලි කාරණයක්. කෙල්ලො බිව්වට කමක් නෑ කියන පිරිමි කතා කරන්නෙ ඇළාන්තයෙන් නෙවෙයි. හිරවුණු ෆැන්ටසියක ඉදන්.
කොයි විදිහෙන් කිව්වත් කොල්ලෙක් හොයන අනාගත සහකාරිය කොණ්ඩෙ ගොතන,දිගට අදින හතර පෝයට සිල් ගන්න හැදිච්ච කෙල්ලක්. තමන්ගෙ බිරිද, තමන්ගෙ දරුවන්ගෙ අම්මා බේබද්දියක් වෙනවා දකින්න උදයක් දවාලක් රැයක් නැතුව පස්වෙනි සිල් පදේ කඩන පිරිමියෙක්වත් කැමති නෑ.
මේ විදිහට බලපුහාමනම් කෙල්ලක් බිව්වට කමක් නෑ කියන පිරිමි කමත්, අපිට මත් වෙන්න අයිතියක් තියෙනවා කියන ගැහැණුකමත් අදවත් හෙටවත් අනාගතේවත් විසදගන්න බැරි ජ්‍යාමිතිය කොටසක්.
රැල්ලට යන්න ගියොත් සැඩ සැර උනහම ගිලිලා මැරෙන්න වෙනවා. මත් වෙලා පොෂ් වෙන්න ගියොතුත් කෙල්ලක්ට ගොඩක් දේවල් මිස් කරගන්න වෙනවා. ආකර්ෂණයවත් ,සමාජ පන්තියවත්,විනෝදයවත් විකෘති මනසකින් ලබා ගන්න් බැහැ. කෙල්ලො මත් නොවී ඉන්න එක නේද ගොඩක් හොද?
සාගරී අමරසිංහ