university

Tuesday, July 7, 2015

උපතින්ම උන්ට වැරදිලා...



මහමග යදින ජීවිත අපි ඔනෑ තරම් දැක තිබෙනවා.පිනට රුපියල දෙක ඉල්ලගෙන බඩකට පුරව ගන්න කොච්චරනම් උන් වලි කනවද? මේ ගෙතුණු සංකල්පනාව හිගන්නො කියල ලේබල් වැදුණ සමස්ථයම ගැන නෙවෙයි.පාරක් පාරක් ගානෙ බස් එකක් බස් එකක් ගානෙ බඩගෝස්තරේ පුරව ගන්න වලිකන පොඩි එවුන් ගැන.

වැරදුනේ කොතනද? උපතින්ම උන්ට ජීවිතේ වැරදිලා.ජාතක වුණේ හිගන අම්මෙක්ගෙ කුසෙන්.ඒකයි උන්ට වැරදුනේ.අම්මගෙන් කිරි ඉරුවෙ දෙනෝ දාහක් යන පදික වේදිකාවක් අයිනෙ අම්මගෙ ඉරුණු හැට්ටෙ එල්ලිලා.කොට්ට මෙට්ට ඇද ඇතිරිලි වෙනුවට ඌට තිබුණෙ පාරෙ තාර වගේ කලු ගැහිච්ච අම්මගෙ කඩමාලු චීත්තෙක ගුලි ගැහිලා නිදාගත්තු නින්දක්.හා හාපුරා කියල ඇස් දෙක ඇරල බලද්දි අම්මගෙ කළකිරුණු  මූණට ඉහළින් පෙනුනෙ නිල් ආකාහෙ මිසක් සිවිලිමේ එල්ලෙන සෙල්ලන් රෑං පෙත්තෙක් නෙවෙයි.මොනවද මේ සද්ද බද්ද කුටු කුටු ගාල කැරකෙන සෙල්ලන් රෑං පෙත්තගෙ සද්දෙ නෙවෙයි පොඩි එතාගෙ කස් පෙති වලට ඇහුණෙ අම්මගෙ කාසි එකතු කරන ටිං බෙලෙක්කෙ ටං ටං බෙලෙක් හඩයි කංකරච්චලේ ඉවසන්න බැරි වාහන සද්දයි.

ඌ පුරුදු වුණේ මෙහෙම ජීවිතේකට.බඩගින්නට අම්මගෙ තනේ එල්ලිලා කිරි ඉරෙව්වට අත පය හතර ලොකු මහත් වුණු පොඩි එකාට සුදහ ගින්න දැනෙන්න ගනිද්දි ඌ දැනගෙන හිටියෙ එක දෙයයි.පාරෙ යන උන්ට අත පාන්න.පිණ්සෙන්ඩුවෙලා කීයක් හරි ඉල්ල ගන්න.මේ නොදරුවා බඩගින්න නිවා ගන්න අම්මගෙන් ඉගෙන ගත්ත මුල්ම පාඩම මේක.ජීවිතේ ගැට ගහගන්නෙ මෙහෙමයි උන්ගෙ අම්ම පොඩි එකාට නොකියම උගන්නපු මුල්ම පාඩම මේක.එතනින් එහා ජීවිතයක් උන්ට නැද්ද?

වැරදු නේ කොතනද?චෝදනාව අම්මට.හිගන දරුවෙක් ජාතක කරපු අම්මට. එත්..... කෝ මුන්ගෙ තාත්තා???? ඒකට කෝ උත්තර?

දන්නවද  ඒ තාත්ත වැරදි නෑ. හැමදේකම වැරැද්ද අම්මට.පදුරක් පදුරක් ගානෙ රිංගලා බඩක් හදා ගත්තු හිගන්නිට.

බනින්න පුලුවන් ඇයට පිටතින් බලන ඇහැකට විතරයි. මහමෙරක් වගේ තියෙන අම්මගෙ උණුහුමේ උණුහුම් වෙනකොට පොඩි එකා දන්නවා පාරෙ යන උන්ට අතපාපු අම්ම සල්ලාලයින්ගෙ ඉත්තෙක් වුණු විත්තිය. අම්ම දන්න සාස්තරේ කියල දීල බඩ පුරවගන්න හුරු කළේ මගෙ හිගන අම්මට කරන්න පුලුවන් ලොකුම දේ විත්තිය ඒකි දන්නා. ඒත් අම්මටවත් උඹටවත් නිනව්වක් නෑ තේරුමක් නෑ උඹට යන කල දවස ගැන.
පොඩි එකී බලන් ඉන්නවා. පාරෙ යන උන් දිහා ඇස් ලොකු කරගෙන.ටිං බෙලෙක්කෙට සල්ලි වැටෙනකල් විතරක් නෙවෙයි.අම්මටයි මටයි ජීවිතේ වරද්දපු මහ එකා හොයා ගන්න ඒකි බලන් ඉන්නවා.


සියුමැලි කන් පෙති
අරුංගල් තෝඩු නැති
ඔසවනා දෑත් පොඩි
බංගලි වළලු නැති
අයදිනා දෑස් ඇති
කුසගින්න නිමක් නැති
අනේ කිරි සප්පයා
බෙලෙක් හඩ නංවලා
ඉල්ලුවා රුපියලක්........


පාරෙ යන මහ උන්ට
හුළං පිරුණු බඩ ගෙඩිය
නෙරවාන හිටියාට
නොදරුවා දන්නවා
ඇතුළෙ ඇති මහ ගින්න......

ටිං ටිං බෙලෙක් හඩ
අමතකව මොහොතකට
නොදරුවා නැවතිලා
අප්පෙක් අතේ යන

හුරතල් පොඩි එකෙක් ළග.....

සාගරිකා අමරසිංහ

2 comments: