university

Monday, January 18, 2016

ගැහැණීයට හීනියට ඇන්නෙ ටොකු.



ස්ටේ‍්‍රට් කරපු කොණ්ඩෙ ලා තැඹිලි පාට වෙන්න ටින්ක් පාර දෙක තුනක් ගිහින්. කොළඹ අහසෙ කරක් ගහන හුළ`ග ඒකිගෙ කෙහෙ රැුළි හීන් සීරුවේ ඉඹිනවා. චාමෙට ඇදපු විලූබ ළගටම දිග සාය, ඇගට හිර වුණු ටී ෂර්ට් එක ඒකිගෙ හැඩරුව වාත්තු කරල පෙන්නුවා. ඇත්තටම ඒකි සිරියාවයි. උරහිසේ ගෑවෙන්න එල්ලෙන අරුංගල් ඒකිගෙ මූණ හැරෙන හැරෙන අතට ගැස්සි ගැස්සි දිලිසෙනවා. ඒකි යන ඉසව්වට ඇහැ ගහ ගත්ත කණේ කරාඹුවක් දා ගත්ත කොල්ලෙක් ළ`ග හිටිය උගෙ සගයට කිව්වෙ ”අඬේ බන් පට්ට කෑල්ලක් ” කියලා.

සිරියලතාලා සෝමලතාල උනත්, ඔමායලා, ජෙසිකලා උනත් ඔය කවුරු උනත් කාලෙන් කාලෙට කෙල්ලන්ට කියන්න නම් තියෙනවා. කෙල්ල කාලෙ විතරක් නෙවෙයි පොඩි දැරිවිගෙ සන්දියේ ඉදන් මැරෙනකල්ම සමාජෙ ගැහැණුන්ට උප්පැන්න ලියනවා.

සමහරක් නම් ආදරණීයයි, ගෞරවනීයයි, තවත් සමහර නම් උපහාසාත්මකයි. මේ නම් අතරින් ගොඩක් ජනප‍්‍රිය වෙන්නෙ උපහාසාත්මක නාම. පදනම මොකක් වුණත් ගැහැණිය පහත් කොට සැළකීමේ සංස්කෘතිය අදටත් ලංකාවේ ජනප‍්‍රියයි. මේ ජනප‍්‍රිය සංස්කෘතිය බිහි වෙන්නෙ කෙල්ලන්ගෙ තරුණ කාලෙදි. කොයි විදිහට  කොහොම හිටියත් හැම කෙල්ලක්ටම එක වතාවත් හරි ඒ ජනප‍්‍රිය ආමන්ත‍්‍රණයකට හසු වෙනන්නම වෙනවා.

ගැහැණු දැරිවියකගෙ උපත අදටත් ලංකාවෙ පවුලට වාසනාව ගෙන ඒමක් විදිහට පිළි ගන්නවා. 
පවුලට වාසනාව කැන්දපු පොඩි එකීට අම්ම කියන්නෙ ”රෝස මල” කියලා. ඔන්න අම්මගෙ රෝස මලේ පෙති හීන් සීරුවට ඇහැරෙන්න පටන් ගන්නවා. දැන් ගමේ අයත් කියන්නෙ ”දෝණි” කියලා, ”හුරුබුහුටි කෙළි පැටික්කි”ත් කියනවා.

අම්මගෙ රෝස මලේ පෙති එකින් එක ඇහැරිලා දැන් හිස් ආකාහෙට ඇස් බලියගෙන මුකු`ථ පානවා. ඒකි දැන් ”ලොකු ළමිස්සියක්”.
නාඹර තරුණ ගැටව්ගෙ ඇහැ ගැටෙන්න පටන් ගන්න කාලෙ. ඒකයි අප්පච්චි කිව්වෙ දුවේ උඹ පරිස්සන් වෙයන් කියලා.
කොල්ලක්ට වඩා කෙල්ලක් සමාජයෙන් අහන කවි කතන්දර බොහොමයි. නව යොවුන් වියේදි කෙල්ලො බලාගෙන ඉද්දි ලස්සන වෙනවා. අවුරුදු 15, 16 කෙල්ලක් 20, 21 කොල්ලන්ට ”පට්ට” වෙන්නෙ ඔය කාලෙදි. දැන් ඒකි හිරිමල් තරුණියක්. එක්ටැම් ගෙයක දාලවත් සිතුවිලි හිර කරන්න බැරි කාලයක්. 

කොල්ලො ආදරේ පතාගෙන කෙල්ලන්ට ට‍්‍රයි කරන එකත්, කෙල්ලන්ගෙ උකු`ථ මුකුලුත් ඔය වයසට අතිශය සාමාන්‍ය කාරණයක්. ඒ තමයි කොල්ලන්ට කෙල්ල ”පට්ට කෑල්ලක්” විදිහට පේන්න ගන්න කාලෙ.

හිරිමල් වියට පා නගන කාලෙදිම පටන් ගන්න ආදරේට ගොඩක් වෙලාවට තියෙන්නෙ කෙටි ආයුෂ. කොල්ලෙක් ඇදුම් මාරු කරනවා වගේ කෙල්ලො මාරු කිරීම සාමාන්‍ය දෙයක් විදිහට දකින සමාජය ලව් එකක් බ්‍රේක් වුණ කෙල්ලක් තව කොල්ලෙක් එක්ක හාද කම් පෑවැත්වීම දිහා බලන්නෙ වපරෙට. එතකොට කොල්ලො ඒකිට කියන්නෙ ”ඒකිත් හොද බඞ්ඩක්” කියලා. 

කෙල්ලො විලාසිතා විච්චූරන වලට කොහොමත් ආසයි. හැඩට අදින්න ලස්සන වෙන්න කොහොමත් උනන්දු වෙනවා. අම්මට සිරි ”ෆොෂ් කෑල්ලක්” කියන්නෙ අන්න එතකොට. කෙල්ලන්ගෙ දගකාරකම් තරුණ වයසට ස්වභාවික සංසිද්ධියක් උනත් සමහරුන්ගෙ ඇස් වල කටු අනිනවා වගේ. ටිකක් දාන්ගලේට ඉන්න කෙල්ලක්නම් ඔන්න ඒකි ”විසේකාරියක්”.

පිරිමි මිතුරො ගොඩක් ඇසුරු කරන කෙල්ලක්නම් පිටින් බලන උන් ඒකිට ”කාගෙත් සුන්දරී” කියනවා. කෙල්ලො හැඩයි. ඒකෙ තර්කයක් නැහැ. එහෙම උනත් අද පිරිමි ස්ත‍්‍රී රූපෙ දිහා බලන්නෙ කලාකාමීව රස විදින්නනම් නෙවෙයි. කෙල්ලන්ගෙ අ`ග පසග තලූ මර මර රස විදින කොල්ලන්ට කෙල්ල ”මරු ක`දක්” වෙන්නෙ එතකොට. 
කැම්පස් එකේ උප සංස්කෘතියෙත් ටොයියො, කිරි ටොය්යො, යක්කු වෙන කෙල්ලො ගාමන්ට් රස්සාවෙදි ජුකී මල්,ගාමන්ට් බඩු,නූල් කෑලි වෙනවා. පුදුමෙ කියන්නෙ මේ එක සංස්කෘතියක් ඇතුළෙවත් කොල්ලන්ට එවැනි නම් පට බැදිලා නැහැ.

දැන් පෙම්වතුන් පෙම් සුව විදින්නෙ බීච් එකෙයි පාර්ක් එකෙයි විතරක් නෙවෙයිනෙ. ලැගුම්හලක කාගෙවත් විසිල්වල අවහිරයක් නැතුවම. ඒකෙ හරි වැරැුද්ද කියන්න වෙලාවක් නෙවෙයි මේ.එහෙම ගියයි කියමුකෝ. ඔන්න එතකොට දකින අහන උන් කියන්නෙ ”ඒකිත් හොද එකියක්” කියලා. කොල්ල ගැනනම් කාටවත් වගක් නැහැ. 
ආදරේ සීමා මායිම් කඩාගෙන ගිහින් ඒකි බඩ දරු අම්මෙක්. වග කිව යුත්ත වෙන අතක් බලා ගනිද්දි දැන් ඒකි ඉස්පිරිලාලෙ ඇද උඩ විලි රුදා විදින ”වටේ ගිය එකියක්”.

නීති පොතෙන් පිරිමියෙක්ට සින්නක්කර වෙලා මවක් වෙන ගැහැණිය උත්තරීතර මව් පදවියෙන් පිදුම් ලබනවා.ඒ තමයි ගැහැණියක් සමාජයෙන් අහන ගෞරවණීයම නාමය. ”අම්මා”. දැන් ඉතින් පට බැදුණු නම් අහවරයිද?

ඒකි දැන් තරුණ අම්මෙක්. කරුමෙට වගේ සැමියා නොඑන ගමන් යනවා. දැන් ආයෙමත් පට බැදෙන නම්?? ගමේ උන් දැන් ඒකිට කියන්නෙ ”කණවැන්දුම් එකියක්”. ගැහැණී මළ පිරිමියාට කණවැන්දුම් නම නැති එකයි පුදුමෙ. 

හැගීමි දැනීම් ලිංගික අශාවල් අපි කාටත් පොදුයි. සැමියා මළ ගැහැණියට ”උඹ පතිවත රැුකපන්” කියන්න කාටවත් බැහැ. ඇයත් පෘතග්ජනයි. නමුත් සමාජයේ බැල්ම සංස්කෘතයි.ඒ නිසයි  අශාවල් සන්තර්ණය කිරීමේ වරදට හසුවන ඇයට ප‍්‍රසිද්ධ මාධ්‍යයේ කියන්නත් බැරි  ආමන්ත‍්‍රණ එක් වුණේ.

කෙල්ලනේ අපි හිතන තරම් ලස්සනට සමාජය අපි දිහා බලන් නැහැ. උපතයි නීත්‍යනුකූල මව් පදවියයි වනන සමාජය අපේ මළ ක`දටත් ”උපාසක අම්ම” කිව්වට අනිත් හැම තැනදිම ගැහැණීයට හීනියට ඇන්නෙ ටොකු.

සාගරී අමරසිංහ.

Thursday, November 12, 2015


කෙල්ලො මත් නොවී ඉන්න එක නේද ගොඩක් හොද?
 
 
මතට තිත තිබ්බ කාලෙ ගමේ රොසලියා නැන්දාගෙ කසිප්පු පොට් එකට සීල් වැදුණා.හවහට හවහට හේවිසි හොරණෑ නැති පෙරහැරකට පේ වෙලා හිටි ඉහ නිකට මෝරපු,පැහුණු උනදැලා හීන් සීරුවේ සිදාදියේ තැබෑරුමට රීටුවා. ඔන්න තරුණද, මැදිවියේද, නාකිද භේදයක් නැතුව පිරිමි පරාණ දැල් කඬේ දැල් අස්සෙ තෙරපෙනවා ඉහ මොල රත් කර ගන්න. රොසලියා නැන්දා නම් දරාපු කසිප්පු රැුජිණි උනත් මැගියලා සොපියලා අඩියක් ගහන්න ඒ ගුබ්බෑයමට නොගිය විත්තිය නම් හැබෑව. ඒ විදිහමයි තැබෑරුම ආසිරාවෙම ස්ත‍්‍රී සේයාවක් ඇහැ ගැටෙන්න නෑ. මොකක්ද හැබෑට කාරණාව? අපේ රටේ ගැහැණුන්ට මත්පැන් මිලදී ගැනීම නීතියෙන් තහනම්.

අතින් සල්ලි විසික් කරල අරක්කු බෝතලේ ඉනේ ගහගන්න එපා කියලා නීති ඇතත් ගෑණුන්ගෙ දතකට පූට්ටු කරලා මත්වතුර අකැපැයි කියලා විලංගු දාලනම් නෑ. හංගන්න දේකුත් නෙවෙයි.රහසකුත් නෙවෙයි.බහුතරය නොවුණත් අපේ රටේ ස්ත‍්‍රී පරාණ මතට යොමු වෙලා.
ඇයි කෙල්ලන්ට බොන්න හොද නැද්ද?
උන්ට පෙවෙන්නෙ නැද්ද?

කලවම්ද, නිකන්ද, සැන්ඩි කරලද,........... උනුත් බිවිවොත් පෙවෙනවා.......... වෙරි වෙනවා......... ගදත් ගහනවා...... ඉතින්???
ෂ්..... කළබල වෙන්න එපා... මේක මදුවිතින් මත් වෙන්න කෙල්ලන්ට අවසර ඉල්ලන අවසර පතක් නෙවෙයි.
 

කෙල්ලක් මතට ලොල් වීම අපේ රටේ සංස්කෘතියට සභ්‍යත්වයට මුවා වෙලාම බලන්න  ඕනෙ කාරණයක්. ඇත්තටම ඒක මහා ඛේදවාචකයක්.
රැුඩිකල් වෙන්න හදන නූතන පන්තියේ විකෘති ”කෙල්ලො බිවිවට කමක් නෑ” කියනවා. හොදම කතාව ම`ගුල් සාජ්ජෙකදි ,සාදයකදි බියර්, විස්කි නොබන කෙල්ල ගොඬේ කෙල්ලක් කියන පිරිමිත් අද ඉන්නවා. එංගලන්ලෙ ඇමරිකාවෙ නෙවෙයි, ලංකාවේ. , සු`ථතර ධනපති පන්තියෙත් නෙවෙයි, උනුත් වාඩි වෙලා ඉන්නෙ අපේම පන්තියේ පුටුවල.

වොඞ්ගා බෝතලේ කටේ ගහගෙන, දුම්වැටිය අතට අරගෙන කෙල්ලන්ට පොෂ් වෙන්න කියලා සමහර කොල්ලොත් කෙල්ලන්ට කියනවා කියන එක පුරුෂ සමාජය පිළි ගනීද මන්ද?

අත්දැකීමෙන්ම මේක ඇත්තක්. වෙඩින් එකකට ගියහම
”ඇයි බිව්වෙ නැත්තෙ.. කට්ටිය හිතන්න ඇති මහ ගොඬේ කෙල්ලක් කියලා”
කෙල්ලක් ටිකක් බීලා ජොලි කලාට කමක් නෑ”
කියන කොල්ලො ඉන්නවා. එහෙමනම් අලූත්ම ටෙ‍්‍රන්ඞ් එක පිරිමියා කැමති ගැහැණියගේ තාවකාලික විකාරරූපී වෙස් පෙරළීමකටද? කොයික වෙතත් ඒ විකාරරුපී වෙනස ඔය ඔහොම කියන පිරිමිත් තමන්ගෙ අනාගත සහකාරියගෙන් බලාපොරොත්තු වෙන් නෑ කියන එකනම් ඒකාන්තයි.
හරි.... කොල්ලෙක්  කිව්ව කියලාම නෙවෙයි රජකාලෙ ඉදන් කෙල්ලො බිව්වා... ප‍්‍රසිද්ධියේ නෙවෙයි, හොරෙන්. දැන් ටිකෙන් ටික එළිපිටට ඇවිත්.
නූතන පන්තියේ විකෘතියක් ඇතුළෙ  social වෙන්නනම් කෙල්ලොත් බොන්න  ඕනෙලූ. මේක නූතන පිරිමි මැවූ සහ සංකර ගැහැණු මවා ගත්ත මායාවක්. ඒ විජ්ජා ලෝකෙ පැළපදියන් වෙන කෙල්ලො මුදුවිතෙන් මත් වෙලා සිහි විකල් කරගෙන නිකන් නිස්කාරණේ නැති නාස්ති වෙනවා.පිරිමින්ට මත් වුණාහම වෙනවයි කියන මානසික,කායික කතාන්දර කෙල්ලක්ටත් මත් වුණාට පස්සෙ වලංගුයි.

සීනි බෝතලේ පියන ඇරියහම ගද කූඹියෝ වැහි වහනවා පැණි රහට ඉව වැටිලා. පියන ඇරුණු සීනි බෝතලේ පැණි උරපු ගද කූඹින්ට වැරැුද්දක් කියන්නෙ කොහොමද? කෙල්ලත් මත් වුණොත් පියන ඇරපු සීනි බෝතලයක් ගානට වැටෙයි. වියත් දෙකේ සායට කකුල් දෙක පේද්දි සල්ලාලකම් කරන්න හිතුමතේ තීරණ ගන්න පිරිමි ඉන්න සමාජෙක අවසිහියෙන් ඉන්න ස්ත‍්‍රියක් ළ`ග දණින් වැටිලා පතිනිවත රකින පිරිමි බලාපොරොත්තු වෙන්න බැහැනේ.

අම්මගෙ,තාත්තගෙ,අය්යගෙ,පෙම්වතාගෙ,සැමියාගෙ ආදරය රැකවරණය ලබන්න කෙල්ලක් ස්වාභාවිකවම ආස කරනවා. බලාපොරොත්තු වෙනවා. ඒ රැකවරණයට තියෙන ලෝබකම හින්දම කෙල්ලො ඇතුළතින් තමන් තමන්වම පාලනය කර ගන්නවා. කොහෙත්ම ඒ වාරණය අවැඩක් වෙන විදිහෙ එකක්නම් නෙවෙයි. කෙල්ලක්ට තමන්ගෙ රැකවලූන්ගෙන් මතට තිත වදින්නෙත් සල්ලාල ඉවෙන් ඒකිව ගලවගන්න.

විලාසිතා විජ්ජා ඇතුළෙ, සායම් පින්තාරු ඇතුළෙ කරන කෙල්ලන්ගෙ විච්චූරණ අනුමත කරන්න පු`ථවන්. සරුව පිත්තල වලින් වහගෙන හරි කෙල්ලක් ඒ විදිහට රූප සෝභාවෙ ලස්සන හොයනව කියලා සමාව දීලා.ගොඬේකම වහගෙන කෙල්ලක්ට පොෂ් වෙන්න අඩියක් ගහපන් කියන එක අනුමත කරන්න නම් කොහෙත්ම බැහැ.

මෙහෙම කිව්වයි කියලා හැම කොල්ලෙක්ම මට පුප්පන්න කාරි නෑ.මෙකට අයිති ඉතාම සු`ථ පිරිසක්. කාගෙ කාගෙත් හෘද සාක්ෂිය ”කෙල්ලනේ බීපල්ලා..” කියන්න එක`ග නැති විත්ති සක් සුදක් සේ පැහැදිලි කාරණයක්. කෙල්ලො බිව්වට කමක් නෑ කියන පිරිමි කතා කරන්නෙ ඇළාන්තයෙන් නෙවෙයි. හිරවුණු ෆැන්ටසියක ඉදන්.
කොයි විදිහෙන් කිව්වත් කොල්ලෙක් හොයන අනාගත සහකාරිය කොණ්ඩෙ ගොතන,දිගට අදින හතර පෝයට සිල් ගන්න හැදිච්ච කෙල්ලක්. තමන්ගෙ බිරිද, තමන්ගෙ දරුවන්ගෙ අම්මා බේබද්දියක් වෙනවා දකින්න උදයක් දවාලක් රැයක් නැතුව පස්වෙනි සිල් පදේ කඩන පිරිමියෙක්වත් කැමති නෑ.

මේ විදිහට බලපුහාමනම් කෙල්ලක් බිව්වට කමක් නෑ කියන පිරිමි කමත්, අපිට මත් වෙන්න අයිතියක් තියෙනවා කියන ගැහැණුකමත් අදවත් හෙටවත් අනාගතේවත් විසදගන්න බැරි ජ්‍යාමිතිය කොටසක්.
රැල්ලට යන්න ගියොත් සැඩ සැර උනහම ගිලිලා මැරෙන්න වෙනවා. මත් වෙලා පොෂ් වෙන්න ගියොතුත් කෙල්ලක්ට ගොඩක් දේවල් මිස් කරගන්න වෙනවා. ආකර්ෂණයවත් ,සමාජ පන්තියවත්,විනෝදයවත් විකෘති මනසකින් ලබා ගන්න් බැහැ. කෙල්ලො මත් නොවී ඉන්න එක නේද ගොඩක් හොද?

සාගරී අමරසිංහ
කෙල්ලක් විලි වහ ගන්න මිසක් පිරිමින්ගෙ ඇස් වහන්න විලාසිතා කරන්න නෑ

 
 

වියතක විතර ඩෙනිමකින්,අරුමෝසම් උඩුකය ඇදුමකින් හැඩවුණු කෙල්ලක් ගැස්සෙන පැද්දෙන ඉ`ගට සීතල හුළං කෝඩ විදින්න ඉඩ ඇරල ලතාවකට පාරෙ යනවා. අහිංසක සිල්වත් භාවනායෝගී පිරිමින්ගෙ ඇස් ගෙඩි එළියට පැනගෙන සෙනග අස්සෙන් නොපෙනී යන ස්ත‍්‍රිරියාවගෙ රූප සෝභාව තලූ මර මර බුදිනවා.තවත් උන් මස් කට්ටකට ඉව වැටිලා යන බලූ රැුළක් වගේ නොබුරාම ඒකිගෙ පස්සෙන් ඉව අල්ලනවා ලෙව කාලම රහ බලන්න.හරි හමන් ඇදුමක් අදින්න බැරි උන් ගෑණු කමටත් නව නිංගිරාවක් කියා ගත්ත මැදිවියේ කතුන් දවල් අහසෙ තරු හොයනවා.

මේ සිරි ලංකාවනේ...කෙල්ලෙක් කැමති ඇදුමක් ඇදීම වැරදී. ඒ විතරක් නෙවෙයි කෙල්ලගෙ නිරුවත් කකුල් දැකලා,බුරිය දැකලා පිරිමියෙක්ට කාම සිතුවිලි පහළ උනොත්? අනේ අම්මෝ....ඒක මහ පාපයක් නොවැ.මට හිතෙන්නෙම මේක මහ අසාදාරණ ලෝකයක්. නෑ නෑ වැරදුනා.අසාධාරණ රටක්.කෙල්ලන්ට ඇදුම් අදින්න වෙලා තියෙන්නෙ විලි වහගන්න විතරක් නෙවෙයි පිරිමින්ගෙ ඇස් වහන්න.
වැරදියටනම් හිතන්න එපා මේක කෙල්ලන්ට ඇග පේන්න ඇදුම් අදින්න ලයිසන් ගන්නවත්,අනුමත කරන්නවත් ලියන ලිපියක් කියලා.

කෙල්ලො අදින ඇදුම් දැකකහම පිරිමින්ට පිස්සු හැදෙනවලූ.රකින දැහැන් බිදිලා කාම සිතුවිලි ඇති වෙනවලූ.අන්තිමට කෙල්ලො උන්ට වනචරය කියලා බනිනවලූ. අසරණය පව්.. එතකොට අර ගෑනු සංහතිය ගැනම තරහ ගන්න පිරිමි මුං විලිසංගයක් නැතුව බාගෙට ඇදලා අපේ හැගීම් එක්ක සෙල්ලන් කරන විසේකාරියෝ කියලා බනිනවා. ඇත්තටම එතන වැරැුද්ද තියෙන්නෙ ඇදපු ඇදුමෙද? බලපු ඇහේද?හැමෝම තප්පුලන්නෙ ඇදුමෙ වරදටනෙ. බලමු අපි ඇහැත් වැරදියි කියලා.
සිසිවන උවන ඉ`ග සුග ගත හැකි මිටින.. නිසි පු`ථලූකුල රිය සකයුරු තිසර තන කියලා ගෑනුන්ගෙ රූප සෝබාව වනපු කාලෙකුත් තිබුණා.ඇගෙන් බාගෙකටත් වඩා නිරුවත් නිදහස විදින්න ඉඩ ඇරල කොළ අත්තකින් විලි වහපු කාලෙකුත් තිබුණා.ඒත් ඒ මිනිස්සු විසි හතර පැයේම ගස් ගල් උඩ අහවල් දේ කළා කියලා ඉතිහාස පොතේ නෑ.
 
 සීගිරි ලලනාවගේ නිරුවත් උඩු කයට ශෘංගාර සිතුවිලි ඇති කරගන්න පිරිමි අද හිටියත්, ඒ සිතුවම් නිම වුණේ කලාකාමී ඇසකින් රස විදින්න.
ගල් යුගයෙන් අපි අද පශ්චාත් නූතනත්වයට ආවට විරුද්ධ ලිංගික අශාවල් එදත්,අදත්,හෙටත් ඒ විදිහමයි. පොඩි වෙනසක් තියෙනවා ඒ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්න මිනිස්සු අශිෂ්ට යැයි කී මුතුන් මිත්තන්ටත් වඩා ලිංගික අශාවල් වලදි අශිෂ්ට වීම විතරමයි.

ඉස්කොලෙ පොදු දේපළ සුරකිමු කියලා රචනා ලියද්දි පාසල,පල්ලිය,පන්සල,බසය කියල නම් කරපු පොදු දේපළ වලට ගැහැණිය කියල අපිනම් ලිව්වෙ නෑ. දැන් පොඩි උන් එහෙමත් ලියනවද දන්නෙත් නෑ. තමන් කැමති විදිහට ඇදුමක් ඇදගෙන බස් එකට න`ගින කෙල්ලක් පොදු බඩුවක් වෙනවා. සමාජයත් බොහොම පටු විදිහට කෙල්ල බාගෙට ඇදල විහින් පොදු බඩුවක් වුණා කියලා බොහොම අපූරුවට ගාණට මිම්ට මේක සාධාරණීකරණය කරනවා.

අහල තියෙනවාද කවදාතවත් ජීම් ගිහින් බොහොම අමාරුවෙන් හදා ගත්ත ඇග පෙන්නපු,රස්තෙට ඩෙනිම දාල යට ඇදුමෙ බ‍්‍රෑ?න්ඞ් පෙන්නපු පිරිමින්ට කෙල්ලො අතවර කළා කියලා. ශරීරයක් දිහා බලලල රහ බලන්නත්,තලූ මරන්නත් දෙය්යො හැගීම් දුන්නෙ, ඇස් දුන්නෙ පිරිමින්ට විතරක් වීම හරි පුදුමයි.

නානප‍්‍රකාර විලාසිතා ලෝකෙක කොටට හරි, දිගට හරි, බාගෙට හරි ඇන්දට කෙල්ලක්ට බනින් කාටවත් අයිතියක් නෑ.
 
රෙදි පඩංගුවක එල්ලිලා කෙල්ලගෙ විලි සංගයක් නැති ඇදුම් ලිංගික අපචාර වැඩි කරල කියලා බනින එක වැරදියි.ලෝකෙ විලාසිතා කරද්දි අපේ කෙල්ලොත් වෙනස්වෙන සංස්කෘතියෙ වාටියේ එල්ලිලා හති දාගෙන දුවනවා.කෙල්ලක්ට ගැළපෙනවනම්, කැමතිනම් කකුල් දෙකවල් බඩවත් පේනවා කියලා කෙල්ලක්ගෙ ඇදුමට සීමා පනවන්න කාටවත් බෑ.කාටද පු`ථවන් වුණේ නෑ අලූත් වෙන ලෝකෙ එක තත්පරේකටවත් ආපස්සට හරවන්න.ගෙදර ඉන්න අම්මලා රෝස මලක් වගේ ඉන්න මගෙ දුව විලි ලැජ්ජා නැති එකියක් කරන්න උල් පන්දම් දෙනවා කියලා මට බනීද මන්දා.

මේක මහ පුදුම රටක් කියලත් හිතෙනවා. කෙල්ලො අදින ඇදුම් විජ්ජාවක් කරගෙන ඇස් අරින මිනිස්සු හැම තැනම.හිතන්නෙම මිනිස්සුන්ගෙ ශෘංගාරය අවුළන්න කෙල්ලො ඇදුම් අදිනව කියලා.අපේ පිරිමි වනචර වෙන තරමක් වෙන්නෙම කෙල්ලන්ගෙ ඇදුම් හින්ද කියන එකනෙ පුදුමෙ. නැත්තන් උන් බෝධිසත්වයෝ.කෙල්ලන්ගෙ ඇදුම් තමන්ට ගැළපෙන විදිහට විලි වහගෙන අදියි. ඇදුමට බනින්න කලින් කෙල්ලක්ගෙ රෝම කූපෙකට ඇවිළෙන පිරිමින්ගෙ සිතුවිලි වලට විලංගු දාගන්න පු`ථවන්නම්?

දැන් නැවතිල්ලෙ හිතමු. කොල අත්තෙන් නිරුවත වසා ගත්ත යුගයකුත් තිබුණු බව.ලෝකෙ කණපිට පෙරළිලා විච්චූරණ වෙලා පරණ දේවල්ම අලූත් විලාසිතා වෙලා එන බව.කෙල්ලක් විලි වහ ගන්න මිසක් පිරිමින්ගෙ ඇස් වහන්න විලාසිතා කරන්න නැති බව.
සාගරිකා අමරසිංහ.

Thursday, September 10, 2015

කවුද කිව්වෙ හිරි ඔතප් බිදගෙන ආදරේ කරන්න...........







වැදුම් ගෙතුළින් චීත්තය වැනෙද්දී උප්පැන්න ලියන්නට අපට අප්පෙක් උන්නේය.ළෙලදුන්න චීත්තය අප්පගේ හිසට මහාමේරුවක බර එක් කරද්දී ඔහු මුව පුරා හිනව වුණේ දැහේ කදු`ථ පුරෝගෙනය.මව් ගැබේ ගුළි වුණේ සරමක්ද,චීත්තයක්ද තැකීමක් නොකළ අප්පච්චී චීත්ත සරම් ඉරන්නට අම්මාට උඩගෙඩි නොදුන්නේය.නව මසක් ගැබේ එති චීත්ත පොඩිය සීරු මාරුවට අම්මගෙ විලි රුදා මැද්දෙ ඇඩුම් වපුරා කළ එළි බසිද්දී අප්පච්චී සංයමයෙන් බලා උන්නේය. අපේ අප්පච්චී සරමක් ඉල්ලා වැදුම් ගෙයි පිට උද්ඝෝෂණ නොකළේය.

අප්පච්චිගේ පුංචි දෝණි දැන් දගකාර හැඩකාර ළමිස්සියෙක්.

අම්මයි,අප්පච්චී ආදරයත් පේ‍්‍රමයත්,රාගයත්,රමණයත් සීමා මායිම් ඇතුළෙ,කාල රාමු ඇතුළෙ වින්දා හින්දා අප්පච්චි අම්මට චීත්ත සරං ඉරන්න උඩගෙඩි නොදුන්න විත්තිය වටහගන්න පු`ථවන් ලොකු ළමිස්සියක්.

කොහොම වෙතත් ඒ වැටහීම නිවැරදිනම් ඇයි හෙරොයින්,මත්පැන් වගේ ලාභදායි රස්සා අස්සේ ගබ්සාවත් කරනං ගහන්නෙ.

ඇහැට කණට පේන හැඩකාර දෝණිගෙ ආදරේ විසේකාර කොල්ලෙක් පිට් පොකට් ගහලා. කලිසමේ පිටිපස්සෙ සාක්කුවෙන් නෙවෙයි.අප්පච්චිගෙ කමිසෙ ඉස්සරහ සාක්කුවේ පපුවට තුරු`ථ කරගෙන ඉද්දිම.

සොබාදහම මිනිස්සු මැව්වේ හරි අපූරු විදිහට. කොල්ලෙක්ට කෙල්ලක්ට ආදරය කරන්න සුන්දර තරුණ කාලයක් ලබා දුන්නෙත් සොබා දහමමයි. දෝණිත් ඒකයි කැමැත්තෙන්ම පිට්පොකට් කාරයාගෙ සාක්කුවට මාරු වුණේ.

ඒත් කවුද කිව්වෙ හිරි ඔතප් බිදගෙන ආදරේ කරන්න.පේ‍්‍රමය රාගයෙන් තොර ස`ද එළිය සේ අචින්ත්‍යයයි කීවට හැම ආදර කතාවකම පිටට ලෝකයට නොපෙනෙන රාගයේ ස`ථ පිළි එතිල තියෙනවා තමයි.හිරි ඔතප් බිදගෙන ඒ ස`ථ පිළි අස්සෙ පැටලූනොත් කෙල්ලෙක්ට ජීවිතේ වරදින්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

හිතු මතේ තහනම් ගහේ ගෙඩි කන්න කෙල්ලන්ට බෑ.තහනම් ගහේ ගෙඩි වල රහ වැටුනොත් දිරවීමේ සීමාව ඉක්මවා යන බන්ධනයට ගොදුරු වෙන්නෙත්  කෙල්ල විතරයි.ආදරය පේ‍්‍රමය,රාගය,රමනය එක්ක පෙම්වතිය සම`ග පෙම්බස් දොඩන ගොඩක් පෙම්වතුන් බඩ වීමත්, බඩ සේදීමත් කියන ඌට අප‍්‍රියජනක මාතෘකා වලදි පෙම්වතීට සමුදීමේ ගීතය ලියනවා.

හැම ආදර කතාවක්ම මායාවක්නම් නෙවෙයි.ඒත් තරුණ කාලෙ ආදාරය කියන මායාව අත වනද්දි අපේ ගොඩක් කෙල්ලන්ට තමන්ගෙ ආරක්ෂාව අනාරක්ෂිත බව කියන සීමාවක් ගැන සිහි කල්පනාවක් නෑ.උච්ච,නින්දිත අශිෂ්ට විදිහට ආදරේ අශාවල් එක්ක පොර බදින උන් අන්තිමේ නතර වෙන්නෙ හොර ගබ්සා මඩුවක.අන්න එතකොටයි ඒකිට හිරි ඔතප් ඇති වෙන්නෙ.ලෝකයා තමන්ට ගහන ගල්මුල් වල රිදුම් දැනෙන්න ගන්නෙ.

කෙල්ලගෙ බඬේ ඉන්න පොඩි එකාට අප්පෙක් වෙන්න පෙම්වතා සූදානන්නම් උන් තහනම් ගහේ ගෙඩි කෑවට අවලාද නගන්න සමාජයට බෑ.එත් එහෙම වෙනවනම් කොහොමද ගබ්සාව නීති ගත නොවුණු ලංකාවේ හොර ගබ්සා මඩු,ජංගම ගබ්සා විතරක් නෙවෙයි උගත් යැයි කියන තරුණ පිරිස් ඉන්න උසස් යැයි සම්මත අධ්‍යාපන පද්ධති ඇතුළෙ පවා ගබිසා මඩු තුන හතර බිහි වුණේ.

පේ‍්‍රමය පිවිතුරුයිනම් මෙහෙමත් නින්දිත වුණේ කොහොමද?
පේ‍්‍රමය පිවිතුරුයි නම් කෙල්ලගෙ ජීවිතේ පෙම්වතෙක් අවදානමකට තල්ලූ කරන්නෙ කොහොමද?

ගොඩක් ආදර කතා ආදරේ කියන අකුරු හතර හැගීම් එක්ක වහල් කමට විකුණනවා.බිත්ති හතරකට මුවා වෙලා වික්ක හැගීම් සතර කන් මන්ත‍්‍රණ විතරක්ම වෙයි කියල හිතන කෙල්ලො කොල්ලගෙ අතේ එල්ලිලාම ගබ්සා වෙද්දු කියන තිරිසන් ආත්ම ළ`ග දණ ගහනවා.කොල්ල හරි සංගමයෙන් බලාගෙන ඉන්නවා.ඒත් ඒ අපේ අප්පච්චි බලාගෙන හිටිය වගේ නම් නෙවෙයි.කිරි සප්පයෙක්ගෙ බෙල්ල මිරිකන්න බලාගෙන ඉන්නවා.


තමන්ට දාව උපදින්න ඉන්න එකා අමානුෂික විදිහට මරණ මඩුවට ගෙනියන කොල්ලනට ඒ පොඩි එකාගෙ අම්මව දාල යන එක මහ දෙයක් නෙවෙයි.ඒ තිරිසන් මඩුවෙ තමන්ට උපදින්න ඉන්න පොඩි එකාගෙ මරණය විතරක් නෙවෙයි තමන් ඉස්සරහ හිරි ඔතප් බින්ද කෙල්ලගෙන් වෙද්දු ලිංගික අල්ලස් ගන්න විත්තිය දන්න උන් තව එකෙක් අතගාපු ශරීර කූඩුවක අයිතිකාරයා වෙන්නත් පස්ස ගහනවා.

සතර කන් මන්ත‍්‍රණ අනිත් කන් වලට යන්න වැඩි කල් යන් නෑ.කෙල්ල දරුව මරපු අම්ම කියලා හංවඩු ගැහෙද්දි,කරපු පව් පල දීලා වද ගෑණි කියලා සමාජ අපවාද අහද්දි ඒකිගෙ පෙම්වතා වෙන දීගෙක ගිහින් පිරිසිදු අම්මෙක්ගෙ දරුවන්ට නිර්දෝෂී අප්පච්චි කෙනෙක් වෙයි. 

හැමදේකම වරද කොල්ලටම පටවන්නම බෑ. කොල්ලටත් හැම දේකම සීමාව ඉක්මවා නොයන්න වගකීමක් තිබ්බා.රාගයේ ස`ථ පිළි අස්සෙ තුරු`ථ වෙන්න කලින් කෙල්ලටත් හිතන්න පුංචි හරි මොලයක් තිබ්බා.වරදින ජීවිතේට ආයෙ හරි ලකුණු එන් නෑ.

 සංස්කෘතිය කියන වචන ඇතුළෙන් එළියට පැන ගන්න බැරුව ලංකාවේ ලිංගික අධ්‍යාපනයට තහංචි වැටෙද්දි අනේ අපොයි අප්පච්චිගෙ පුංචි දෝණි සිල්ලර කඬේක ලාබෙට විකිණෙනවා.කොහේ හරි වැරදිලා.... කොතන හරි වැරදිලා.... 

අප්ච්චි චීත්ත සරං ඉරන්න අම්මට උඩගෙඩි දුන්නනම් කෝ අපට උපතක් කියලා අප්පච්චිගෙ දරුවන්ට අමතක වෙලාවත්ද?

සාගරිකා අමරසිංහ

Tuesday, August 25, 2015


මේ තීන්දුව දුන්නෙ අපිමයි......
 
 
 
දියවන්නාව කටුක ගිම්හානයක රැස් කාකා වස්සානයක් ඒදෝයි නිල් අහසට හිස් බැලූම් ලූයේය. ජනවාරි මුල් කාර්තුවේ දියත ඉහත්තාවේ ද`ථ ලන්නට වලි කෑ අතු කිණිති ගිම්හානය උහුලන්න බැරුව බැට කද්දී වසන්තයක් අද හෙටම ඒයැයි දියවන්නාව රැළි ලලා සුසුම් ලූයේය. ගෙවී යන දින සියය ඉක්ම දින එක දෙක එක් වෙද්දී පොරොන්දු පත‍්‍ර නිල් අහසට වනා සමහරුනම් කලින්ම දියවන්නාවට පැන ගත්හ.

 
ජබෝං..............

එකා දෙන්නා පිහිනමින් සිටි දියවන්නාව කලතමින් රොත්ත බුරුත්ත එක පොදියට ජූනි 23වනදා දියවන්නාවට පැන ගත්හ.
ඔන්න අපේ උන්ගේ ඇස් වලට පාට පාට කණ්නාඩි වැටුණි.උන් දියවන්නාවේ දියබුං ගහමින් එතෙර පිහිනන නඩයට සාධුකාරද,ගල්මුල්ද හෙළමින් වැව් ඉහත්තාවේ දණ ඇනගෙන කොළ, නිල් ,රතු නේක වර්ණ වලින් සායම් ගැල්වූහ.

දේශපාලන සටන් පාඨ දියවන්නා රළ කලතා හෑමූ සුළග සම`ග දසත විසිර ගියේය. ස්විමින් කිට් ඇදගත් රෝසිලා,හිරුණීලා,නිරූපමලා,සමන්තිකාලා, තලතලා,පවිත‍්‍රලා ඇතු`ථ කතුන් 556ක් දියවන්නා දිය දෙදදරවා බුං හඩ ලූයේ සුපුරුදු කාන්තා විමුක්තියද කර පින්නාගෙන කොහොමින් හෝ දියවන්නාවේ එතෙර වන නඩයට එක් වන්නටය.

වෙනදාටත් වඩා ඇස් බලියාගෙන අපි බලා සිටියෙමු.කොහොමින් කිව්වත් තවමත් පුරුෂයා අධිපති වන සමාජ ක‍්‍රමයක අපට අපේ තැන රැුගෙන දෙන්නට රළ පෙළ සම`ග පොර බදින කතුන් දෙස අපි බලා සිටියෙමු.

මන්ත‍්‍රී අසුන හිමි තැන කාන්තා විමුක්තිය අසුනේ කකුල් හතරට චර චර ගා කුඩු පට්ටම් වනු දැක තිබුණද දියකෙළියේ බමන හඩට කන් දීගෙන මෙවරවත් දිය කෙළියෙන් එගොඩවන කතුන් හතරෙන් පංගුව දකිනු අටියෙන් අපි බලා සිටියෙමු.

ඉදින් අවසන.....

තරුණ කෙල්ලන්,ගැහැණුන්,වැන්දඹුවන්,මව්වරුන් වෙනුවෙන් අපිට හිමි තැන ඉල්ලා මැති සබේ අසුන් ගන්නට සිටි උදවියට අසුන් 11ක් යාන්තමින් රැුකගෙන පින් පොතින්ද එක් අසුනක් ගෙන ගිය වර මැති සබේ හිමි තැනද අහිමි කරගෙන දියවන්නා පත්ලෙහි ගිළී මැරෙන්නට සිදු විය.

අපි දණ ඇනගෙන බලා ඉදලා විතරයි.අපි ගැහැණු කමට ගල් මුල් හෙළලා විතරයි,උන්ට දියවන්නාවේම ගිළී මියදෙන්න.ගෑණු අපිත් සාධුකාර තියල තියෙන්නෙ පිරිමින්ට විතරයි.

දැන් පාට කණ්නාඩි ගලවලා පැත්තකට විසිකරල ඇස් පිහදාලා බලපල්ලා. මැතිසබේ 225 දෙනා අතරෙ තෙරපිලා ඉන්න 12 දෙනා දිහා දැන්වත් බලපල්ලා.. මෙන්න ගැහැණු ඉල්ලපු කාන්තා නියෝජනයට මමත්, තොපිත් හාරලා හොයා ගත්ත උත්තරේ.
 
 

මේ තීන්දුව දුන්නෙ අපිමයි.කෙල්ලනේ ”අපි ඉන්නෙ පුරුෂාධිපත්‍ය සමාජයක අපිට  ඕනෙ අපිට හිමි තැන” කියන අපිමයි අපිට හිමි තැනත් අහිමි කරගන්නෙ.මම වැරදි කියලා ගොඩක් අයට හිතෙන්න පු`ථවන්. ලංකාවේ ස්ත‍්‍රියට සම තැන තියෙනවා කියලා තර්ක කරන්නත් පු`ථවන්. නෑ.. එහෙනම් අපි මොකටද ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවයක් ගැන විෂය පද්ධති ඇතුළට හලාගෙන මොළගෙඩි වලට රිංගවන්නෙ.

17 වෙනිදා කෙල්ලො රෝත්ත පිටින් ගියා ඡුන්ද පොළට. මැති ඇමති පුත්තුලාට, අපේක්ෂක ලයිස්තුවේ හිටපු ඇහැට කණට පේන පිරිමින්ට ලස්සනට කතිරයක් ඇන්ද.අපිට අමතක වුණා අපේ දිස්ත‍්‍රික්කෙ හිටපු එක අපේක්ෂිකාවකට හරි මනාපයක් දෙන්න.මොකද කෙල්ලො හිතුනෙ ගෑහැණුන්ට බෑ දේශපාලනය කරන්න කියලා.ගැහැණූ අපිම එහෙම හිතනකොට පිරිමි ගැන මොනවට කියනවද?

ඡුන්ද දායකයො බහුතරය කාන්තාවො වෙද්දිත් ලැජ්ජාවේ බෑ අපි යැව්වෙ 11 දෙනයි පාර්ලිමේන්තුවට.මේක මහ අරුම ගැටලූවකුත් නෙවෙයි. අපේ කෙල්ලො ධනපති සමාජ ක‍්‍රමයක පය ගහගෙන බොරුවට කාන්තා විමුක්තිය ගැන දොඩන නිසා.

සීගිරියේ බලි ඇදි සින්නතම්බිලා, වාරියපොළ කුමාරි හාමිලා, දූෂණයටය ලක්වුණු තරුණියන් මේ සමාජය අමු අමුවේ නිරුවත් කළා.එහෙව් දේ වෙද්දි කෙල්ලෙක් තවල් කෙල්ලෙක් වෙනුවෙන් කටක් ඇරියනම් ඒ කීයෙන් කී දෙනෙක්ද?උන්ට ගහපු ගල් මුල් වැදුනෙ උන්ට විතරක් නෙවෙයි.අපි ගල් ගැහැව්වෙ අපේම උන්ට. වැරදි පැත්තක ඉදන්.

මෙදා පොටෙත් අපි ගල් ගහ ගත්තෙ අපිටමද?තාත්තලා අයියලා විතරක් මැති සබේ හිටියහම ඇතිද?දෝණියැන්දලා බලා ගන්න අම්මලා  ඕනෙ නැද්ද?අම්මලා බොහොම ටිකයි.එයාලටත් දෝණිලා අමතක උනොත්, එයාලටත් ඇහැ,කණ,කට පියාගෙන ඉන්න උනොත්, අපිට යන කළ දවස මොකක්ද?

අපි පාර්ලිමේන්තු යවපු පිරිමි ඇත්තො කාන්තාවො වෙනුවෙන් පෙනී ඉදීවිද? කොහොම මොනව නූනත් කරන්න බැරිවුණත් මැතිසබේ කතුන් කතාවට හරි කාන්තාව ගැන කතා කරයි.

දරුවන්ගෙ කුසගින්න වැඩිපුරම දැනෙන්නෙ අම්මලාට වගේ ගැහැණියක්ගෙ දුක් ගින්න දැනෙන්නෙ තවත් ගැහැණියකටම විත්තිය අපි 17 වෙනිදා අමතක කළා.

දැන් තීන්දු තීරණ අරන් ඉවරයි.දියේ ගිල්ලෝපු උන් ගැන හිත හිතා අපිට පසු තැවෙන්න වෙයිද?
නරුම පිරිමින්ට බිළි වුණු කෙල්ලො ගබ්සාව ඉල්ලගෙන උසාවි යනකොට,
වෙළ`ද කලාපවල දුක් විදින කෙල්ලන්ගෙ වහල් ඛේදවාචකයට,
අපේ කෙල්ලො වහල් සේවයට රට පැටවෙනකොට,
අපේ එකියක්ට ලිංගික අපහරණයක් වෙනකොට

අපේ මනාප අපි වෙනුවෙන් පෙනී ඉදීවිද?
දැනට අපි සුභවාදීව හිතමු. මොකද තාත්තලා දූලට ආදරේ විත්තිය අපි දන්නවා.අය්යලත් නංගිලාට ආදරෙයි. එත්.... අම්මගෙ අඩුව පුරවන්න කාටද පු`ථවන්.
 
සාගරිකා අමරසිංහ.


Monday, August 24, 2015

අරුමෝසම්....
 
 
 
යෞවනෝදයේ නිහඩ බවේ විලංගු බිදගෙන යෞවනත්වයේ කුණාටුවට ගසාගෙන තමන්ගෙ සමාජ ක‍්‍රමයට සංස්කෘතියට පයින් ගහලා ඉගිල්ලෙන්න හැදුවොත් අතරම`ගදි තටු සිදෙන්න බැරි නෑ.මංමුලා වෙන්නත් බැරි නෑ. අපිට අපේ උන් ම`ග ඇරෙන්නත් බැරි නෑ.මොනව කොහොම උනත් අපේ හිත් තරුණයි.වෙනස් වෙන්න අලූත් වෙන්න කැමතියි.පු`ථවන් වෙයිද අපිට අපි ඉන්න සංස්කෘතියට සමාජයට වෙනස් ගමනක තනියෙම යන්න.

අත්තම්ම මහපු මල් මල් චීත්ත ගවුමට හැඩවුණු හුරතල් බොළද කෙල්ලට ආදරය කරපු ආදරවන්තයා හුරුබුහුටි කෙලි පැටික්කි තවත් හැඩ වෙනවා දකින්න ආස කලා.කොල්ලගෙ ඒ ඇ`ගවීම ගැමි කමත් එක්ක පොර බදපු කෙල්ල හිතුවෙ නැති තරමට වෙනස් කරන්න හේතු වුණා.
කොල්ල බලාපොරොත්තු වුණු වෙනස මේක නෙවෙයි. ඔන්න ඒකි තමන්ට හිමි සමාජයට පිටුපාලා උන්ට වඩා අලූත්ම තාලෙට වෙනස් වෙන්න පටන් ගත්තා.

ඉස් ඉස්සෙල්ලාම කළේ අත්තම්මගෙ චීත්ත ගවුමට ආයුබෝවන් කියපු එක.සායෙන් හැට්ටෙන් කලිසමට මාරු වුණා.දණඉහෙන් උඩට ඇගේ ෂේප් එකට සිදාදියේ කඩවල ඩමියට අන්දපු ගවුම් කෑලි අදින්න වුණා.
ළමිස්සියක් වුණ දවසෙ අම්ම දාපු රත්තරන් අරුංගල් මොන කෙහෙල් මලකටද කියලා අරුමෝසම් අරුංගල් කණේ එල්ලා ගත්තා.චේන් පොටක් නැතුව පාලුවට තිබ්බ කරට බුරිය ළ`ගට දිග මාල පොටවල් ඇදුමට ගැළපෙන ගැළපෙන විදිහට වැටුණා.

ෂා උඹේ ලස්සන.... වටේ උන්ගෙ කටේ හය්ය ඒකිගෙ හිත ඔද්දල් කළා. තමන්ට හිමි සමාජයෙන් ඒකිව නුහුරු සමාජයකට හුරු කරන්න ඒකිගෙම පන්තියේ උනුත් උල් පන්දම් නොදුන්නනම් නෙවෙයි.

කැළැල් වසාගෙන වත්සුණුු ඉහුණු මූණට, පරණ පවුඩර් බෙලෙක්කෙ අමතක වුණා. තොල් වසා ගත්ත රතුපාට සායම් සරාගී ඇරයුම් පාද්දි දණඉහ ළ`ගට තිබ්බ කොණ්ඩය ලේයර් කට් එකකට ෂෝට් වුණා.ඒ විතරක්නම් මදැැයි බාට කබල් දෙක විසික් කරලා අගල් දෙකේ අඩි දෙකක් උඩටත් නැග ගත්තා. ළැම,බ`ද,ඉ`ග, නිතඹ හැඬේ බේරෙන්න නුහුරට ඇදුම් අදින්න හුරු වුණු එකීගෙ පුංචි සාය කෑල්ල එන්න එන්නම කොට වෙලා.

අනේ අපොයි ලස්සනයි කියන මිරිගුව හොයාගෙන මහාමේරුව නගිද්දි එකිට ඒකිගෙ පන්තිය,සමාජය,සංස්කෘතිය ම`ග ඇරිලා. ළගින් උන්නු ආදරවන්තයත් මේ විච්චූරණ කරත්තෙ පස්සෙ පන්නලාම හති වැටිලා වෙන මල් මල් චීත්ත ගවුමක එල්ලිලා.

හැබෑට මොකක්ද මේ ලියාගෙන ගිය අපබ‍්‍රංශෙ.නොහොබිනා නොගැළපෙන විදිහට රැුල්ලට ගසාගෙන යන කෙල්ලො ගැන කියන්නයි මෙච්චර වැල් වටාරම් කිව්වෙ.

ගමෙන් සිදාදියට එන්නේ හුරතල් බොළද කෙල්ලක්,ගෙදරින් ටියුෂන් යන්නෙ අම්මගෙ ආදරණීය පුංචි දෝණි,ගමෙන් කැම්පස් යන කෙල්ල ගෙදරින් පිට හුදකලා නොවුණු කෙල්ලෙක්. මෙන්න මුන් ඇහි පිය ගහද්දි වෙනස් වෙනවා.

උන් උන්ට හිමි වුණු සංස්කෘතිය, සමාජය උඩි යටිකුරු කරගෙන උන්ට හිමියි කියලා මවා ගත්ත සමාජයක් හොයාගෙන යන්න හදනවා.උන් පය ගැහැව්වෙ වෙනස් සමාජයකට බව ඇත්ත.ඉතින් ඒ සමාජයේ කොන් නොවී ජීවත් වෙන්න ඉගෙන ගත්තොත් විතරක් මදිද?

ඇදුමෙන් පැළදුමෙන් වෙනස්වෙන සමහර කෙල්ලන්ට  ඕනෙ වෙන්නෙ ඇදුමට හිමි සමාජ පන්තියේ පය ගහන්න. මොකද උන්ගෙ හිත් දන්නනවා ඇග නිර්ධන පන්තියේ වුණාට ඇදුම අයිති ධනපති පන්තියට විත්තිය.නයිට් ක්ලබ් ගානෙ සාජ්ජ දාගෙන විනෝද වෙන්න, අම්ම පෙව්ව කිරිවල සුවද කටෙන් යන්නත් කලින් සංකර වෙලා මදුවිත තොල ගාන්න උන් පෙළඹෙන්නෙ උන් අලුතින් දැක්ක සුකුරුත්තන් ලෝකෙදි උන් විපිරිත්තන් වෙලා නිසා.

කුණාටුව හරිම චණ්ඩයි. ඒක උහුලගත්ත උන්නම් කොහෝම හරි මෙගොඩට පීණුවා.සමහර උන් සැඩ පහර එක්ක පොර බැදුවෙ සැඩ මේච්චල් කරන්න. උන්ට වැරදුනා. ඒ සිදාදියට ආපු ගමේ කෙල්ලො හෝ ගාන පොකුණෙ අතරමංවෙලා. ඒ කෙල්ලො ආස කලේ ලස්සනයි කියන මායාවට සායම් පොවන්න.තමන්ගෙ උන් ගමේ දාලා අලූත් සමාජයක පය ගහලා ගමේ උන්ට මැජික් පෙන්නන්න.


අම්මට කෝ මොනරු දෝණියැන්දගෙ විච්චූරණ ලෝකෙ හැඩ කරන්න.මේක සුපිරි ලෝකයක් අම්මගෙ රුපියල දෙක ගෙදර පරණ පෙට්ටගමට ඔබලා ඒකි බැස්ස ලෝකෙ පැරණිම රස්සාවට.
 අතේ මිටේ මොනරු නටද්දි ධනපති පන්තියේ පුටුවක වාඩි වෙලා මෙන්න බොලේ මේකි සුරසැප විදිනවා. හැමදේම තාවකාලික විත්තිය හාන්කවිසියක් නෑ ඒකිට. දැන් අසරණ එකී කල් ඉකුල් වූ බඩුවක්.
ධනපති පන්තියේ පය ගැහුවට ඒ ඒකිට උරුම පන්තිය නෙවෙයි. අයිති කරගන්න යන හැම දේකදිම ඒකි තනි වෙලා. තමන්ගෙ උන් හැමෝම එක පන්තියක ඉද්දි මට විතරක් බෑ වෙන පන්තියක ඉන්න කියලා තේරුම් ගන්න ඒකිට ඇයි බැරිවුණේ.

අපි වෙනස්වෙමු රැුල්ලට ගසාගෙන ගිහින් අතරමං වෙන්න නෙවෙයි. අපේම කියන පන්තියට, සමාජයට, සංස්කෘතියට ඔබින තාලෙට වෙනස් වෙමු. නැත්තන් අපිට අන්තිමට ඉතිරි වෙන්නෙ අරුමෝසම විතරයි.ඒ අරුමෝසමට යැද යැද ඇතුළට පිරුණු හිස් බව කාලකණ්ණි විදිහට විදවන්න විතරයි.
 

සාගරිකා අමරසිංහ.


Thursday, August 20, 2015

අන්තර්ජාලෙත් එක්ක අපේ උන් බෝධි පූජාවට පේ වෙලා.....


සිල් සුවදයි, මල් සුවදයි ගල් පොත්ත පහළින් පන්සල් භූමියට යන්නත් කළින් දෝරෙ ගලනවා.පුද්මාකාර පින්බර හැගීමක් ඇතිවුණේ. වස් මාස තුනේ සමාරම්භය සනිටුවහන් වුණේ පහුගිය මහේ දෙපෝයෙන් අනිතිමට යෙදුණු පෝය දවසෙ. එදාට පන්සල් යන්න බැරිවුණා. අද අම්මත් එක්ක පන්සලට ගියේ වස් මාස තුනේ පූජා පිංකමට.

පන්සලේ ෂූ..... ගාල සෙනග ඇති.

මම දන්න තරමින් අපේ ගමේ හැමෝම ආගමට ගොඩක් ලැදියි. මම හිතුවෙ එහෙමයි.

සොයිද ආච්චි බෝ ම`ථව අතු ගානවා. තව ආච්චිලා දෙතුන් දෙනෙක් මල් වට්ටිවල මල් අඩුක් කරනවා. අම්මත් එක්ක මාත් එක්කාසු වුණා මල් අඩුක් කරන්න. පිරිමි පුලූටක් පන්සල හරියෙ තවමනම් නෑ. මැදි වියේ නැන්දලා හතර පත් දෙනෙයි , වයසක ආච්චිලා දහ පහළොස් දෙනෙකුයි පන්සලේ හිටියා. කෝ බොලේ අපේ ගමේ තරුණ ගැටව් ගැටිස්සියෝ. 

බෙහෙතකට එකෙක් ගම ආසිරාවෙවත් නෑ. එහෙම වෙන්නෙ කොහොමද? මොකද අපේ ගමේ තරුණ තරුණියෝ තමන් අදහන ආගම ඉහ මුදුනින් පිළිගන්න එවුන් විදිහටයි මම දැනන් උන්නේ.

මුහුණු පොතට එඹිල බලනකොට උන් මහ ඉහළින් ආගම පිළිගන්නවා. බුදු අම්මෝ බලන්න එපැයිඋන් අතරෙ ෂෙයාර් වෙන ආගමික ලැදියාව. සාදු සාදු කියලා දොහොත් මුදුන් තියාගෙන වැදගෙන මුන් රැුයක් දවාලක් නැතුව ආගම රැුකගන්න මහ හටනක. බුදු පිළිමෙකට පස්ස හරවලා කෙල්ලෙක් ෆොටෝ එකක් දැම්මොත්, වැදගෙන පිළිමෙක ඉරියව්වකින් ඉන්න ෆොටෝ එකක් දැක්කොත් ඒකිට පට්ටෙට බැණුම්. ඒවට වැටෙන කමෙන්ට් දැක්කහම සතුටුයිත් එක්ක. මොකද එතකොට හිතෙන්නෙ අපේ ගමේ විතරක් නෙවෙයි රටේම තරුණ පහම්පරාව තමන්ගෙ ආගම ගැන කොච්චරනම් හිතනවද කියලා හිතලා.

අන්තර්ජාලෙ සැරිසරලා තමන්ගෙ ආගමට අවමන් කරන පිටරටක න`ථවෙක් හරි නිළියක් හරි, ආගමික පූජකවරුන් හරි හොයාගෙන මුහුණූ පොතට අප්ලෝඞ් කරලා ආගම රැුක ගන්න එක් වෙයව් කියලා සිංහ හඩ නගන අනගාරික තුමන්ලා මුහුණු පොතේ සුලභයි. ඒත් කීයෙන් කී දෙනෙක් ප‍්‍රායෝගිකවම මීට දායක වෙනවද කියන එක ගැට`ථවක්.
ආගම වෙනුවෙන් මුහුණු පොතේ විප්ලව කරන එහෙව් උන් ඉන්න රටේ මලක් පහනක් පත්තු කරන්න පන්සල් වල ආච්චිලා සීයලා විතරක් පෙළ ගැහෙන්නෙ ඇයි? තවමත් දායක සභාවේ සභාපතිකම තියා දායකාදිකාරීන් විදිහට තරුණ පිරිස් පෙළ නොගැසෙන්නෙ ඇයි? හරි ඒවා නොවුනයි කියමුකෝ..... පෝය දවසටවත් පන්සලක බෝධි පූජාවට ඉන්නෙ කොච්චර සු`ථ තරුණ පිරිසක්ද? උන් ආගම වෙනුවෙන් නන් දොඩන්නෙ මුහුණු පොතේ විතරද?

තාක්ෂණයේ විප්ලවීය වෙනස්කම් එක්ක සමාජ ක‍්‍රමයත් උඩු යටිකුරු වෙලා... 
මං බලාගෙන උන්නා. ටිකෙන් ටික අදුරු වැටුනා. මල් වට්ටි වෙන්දේසිය පටන් ගන්නවත් එක්ක තවත් එකා දෙන්න පන්සල් භූමියේ පය ගහන්න පටන් ගත්තා. මං බැලූවෙ තරුණ පරම්පරාවෙ උන් දිහා. අත් දෙකේ ඇගිළි වැඩිත් එක්ක උන්ගෙ ගණන කියන්න.


මුහුණු පොතේ ආගම වෙනුවෙන් හටන් කරන එකෙක්ටවත් බැරිවෙලා නොවැ පන්සල් එන්න. තාමත් ගැමි සුවදත් එක්ක පොර බදින නංගිලා මල්ලිලා කිහිප දෙනෙක් පන්සල් ඇවිත් තිබුණා.

ඒකට කාරි නෑ පන්සලේ ඝාන්ටාරෙ නාද වෙනවා. නවීන තාක්ෂණය කර පින්නා ගත්ත අපේ වුන් අන්තර්ජාලයත් එක්ක බෝධි පූජාවට පේ වෙලා ඇති. අනේ ගැටව් ගැටිස්සියනේ ඔය පොරේ වැරදී. තමන්ගෙ ආගම ක‍්‍රියාවෙන්ම අදහනවනම් පින වැඩියි. උඹල මුහුණු පොතේ ආගම වෙනුවෙන් පෙළ ගැහෙන්නෙ ශ‍්‍රද්ධාවටම වඩා තරුණ හිත්වල තියෙන රැඩිකල් බවට විත්තිය අපි දන්නවා. ඒත් ඔය වැඬේ හොද මදි. නොදැනුවත් කමින් ශ‍්‍රද්ධාවෙන් ඔය කරන්නෙ ආගම්වාදය ඇති කිරීමක් විතරයි.
සාගරිකා අමරසිංහ