university

Thursday, August 20, 2015

අන්තර්ජාලෙත් එක්ක අපේ උන් බෝධි පූජාවට පේ වෙලා.....


සිල් සුවදයි, මල් සුවදයි ගල් පොත්ත පහළින් පන්සල් භූමියට යන්නත් කළින් දෝරෙ ගලනවා.පුද්මාකාර පින්බර හැගීමක් ඇතිවුණේ. වස් මාස තුනේ සමාරම්භය සනිටුවහන් වුණේ පහුගිය මහේ දෙපෝයෙන් අනිතිමට යෙදුණු පෝය දවසෙ. එදාට පන්සල් යන්න බැරිවුණා. අද අම්මත් එක්ක පන්සලට ගියේ වස් මාස තුනේ පූජා පිංකමට.

පන්සලේ ෂූ..... ගාල සෙනග ඇති.

මම දන්න තරමින් අපේ ගමේ හැමෝම ආගමට ගොඩක් ලැදියි. මම හිතුවෙ එහෙමයි.

සොයිද ආච්චි බෝ ම`ථව අතු ගානවා. තව ආච්චිලා දෙතුන් දෙනෙක් මල් වට්ටිවල මල් අඩුක් කරනවා. අම්මත් එක්ක මාත් එක්කාසු වුණා මල් අඩුක් කරන්න. පිරිමි පුලූටක් පන්සල හරියෙ තවමනම් නෑ. මැදි වියේ නැන්දලා හතර පත් දෙනෙයි , වයසක ආච්චිලා දහ පහළොස් දෙනෙකුයි පන්සලේ හිටියා. කෝ බොලේ අපේ ගමේ තරුණ ගැටව් ගැටිස්සියෝ. 

බෙහෙතකට එකෙක් ගම ආසිරාවෙවත් නෑ. එහෙම වෙන්නෙ කොහොමද? මොකද අපේ ගමේ තරුණ තරුණියෝ තමන් අදහන ආගම ඉහ මුදුනින් පිළිගන්න එවුන් විදිහටයි මම දැනන් උන්නේ.

මුහුණු පොතට එඹිල බලනකොට උන් මහ ඉහළින් ආගම පිළිගන්නවා. බුදු අම්මෝ බලන්න එපැයිඋන් අතරෙ ෂෙයාර් වෙන ආගමික ලැදියාව. සාදු සාදු කියලා දොහොත් මුදුන් තියාගෙන වැදගෙන මුන් රැුයක් දවාලක් නැතුව ආගම රැුකගන්න මහ හටනක. බුදු පිළිමෙකට පස්ස හරවලා කෙල්ලෙක් ෆොටෝ එකක් දැම්මොත්, වැදගෙන පිළිමෙක ඉරියව්වකින් ඉන්න ෆොටෝ එකක් දැක්කොත් ඒකිට පට්ටෙට බැණුම්. ඒවට වැටෙන කමෙන්ට් දැක්කහම සතුටුයිත් එක්ක. මොකද එතකොට හිතෙන්නෙ අපේ ගමේ විතරක් නෙවෙයි රටේම තරුණ පහම්පරාව තමන්ගෙ ආගම ගැන කොච්චරනම් හිතනවද කියලා හිතලා.

අන්තර්ජාලෙ සැරිසරලා තමන්ගෙ ආගමට අවමන් කරන පිටරටක න`ථවෙක් හරි නිළියක් හරි, ආගමික පූජකවරුන් හරි හොයාගෙන මුහුණූ පොතට අප්ලෝඞ් කරලා ආගම රැුක ගන්න එක් වෙයව් කියලා සිංහ හඩ නගන අනගාරික තුමන්ලා මුහුණු පොතේ සුලභයි. ඒත් කීයෙන් කී දෙනෙක් ප‍්‍රායෝගිකවම මීට දායක වෙනවද කියන එක ගැට`ථවක්.
ආගම වෙනුවෙන් මුහුණු පොතේ විප්ලව කරන එහෙව් උන් ඉන්න රටේ මලක් පහනක් පත්තු කරන්න පන්සල් වල ආච්චිලා සීයලා විතරක් පෙළ ගැහෙන්නෙ ඇයි? තවමත් දායක සභාවේ සභාපතිකම තියා දායකාදිකාරීන් විදිහට තරුණ පිරිස් පෙළ නොගැසෙන්නෙ ඇයි? හරි ඒවා නොවුනයි කියමුකෝ..... පෝය දවසටවත් පන්සලක බෝධි පූජාවට ඉන්නෙ කොච්චර සු`ථ තරුණ පිරිසක්ද? උන් ආගම වෙනුවෙන් නන් දොඩන්නෙ මුහුණු පොතේ විතරද?

තාක්ෂණයේ විප්ලවීය වෙනස්කම් එක්ක සමාජ ක‍්‍රමයත් උඩු යටිකුරු වෙලා... 
මං බලාගෙන උන්නා. ටිකෙන් ටික අදුරු වැටුනා. මල් වට්ටි වෙන්දේසිය පටන් ගන්නවත් එක්ක තවත් එකා දෙන්න පන්සල් භූමියේ පය ගහන්න පටන් ගත්තා. මං බැලූවෙ තරුණ පරම්පරාවෙ උන් දිහා. අත් දෙකේ ඇගිළි වැඩිත් එක්ක උන්ගෙ ගණන කියන්න.


මුහුණු පොතේ ආගම වෙනුවෙන් හටන් කරන එකෙක්ටවත් බැරිවෙලා නොවැ පන්සල් එන්න. තාමත් ගැමි සුවදත් එක්ක පොර බදින නංගිලා මල්ලිලා කිහිප දෙනෙක් පන්සල් ඇවිත් තිබුණා.

ඒකට කාරි නෑ පන්සලේ ඝාන්ටාරෙ නාද වෙනවා. නවීන තාක්ෂණය කර පින්නා ගත්ත අපේ වුන් අන්තර්ජාලයත් එක්ක බෝධි පූජාවට පේ වෙලා ඇති. අනේ ගැටව් ගැටිස්සියනේ ඔය පොරේ වැරදී. තමන්ගෙ ආගම ක‍්‍රියාවෙන්ම අදහනවනම් පින වැඩියි. උඹල මුහුණු පොතේ ආගම වෙනුවෙන් පෙළ ගැහෙන්නෙ ශ‍්‍රද්ධාවටම වඩා තරුණ හිත්වල තියෙන රැඩිකල් බවට විත්තිය අපි දන්නවා. ඒත් ඔය වැඬේ හොද මදි. නොදැනුවත් කමින් ශ‍්‍රද්ධාවෙන් ඔය කරන්නෙ ආගම්වාදය ඇති කිරීමක් විතරයි.
සාගරිකා අමරසිංහ

No comments:

Post a Comment