university

Monday, August 24, 2015

අරුමෝසම්....
 
 
 
යෞවනෝදයේ නිහඩ බවේ විලංගු බිදගෙන යෞවනත්වයේ කුණාටුවට ගසාගෙන තමන්ගෙ සමාජ ක‍්‍රමයට සංස්කෘතියට පයින් ගහලා ඉගිල්ලෙන්න හැදුවොත් අතරම`ගදි තටු සිදෙන්න බැරි නෑ.මංමුලා වෙන්නත් බැරි නෑ. අපිට අපේ උන් ම`ග ඇරෙන්නත් බැරි නෑ.මොනව කොහොම උනත් අපේ හිත් තරුණයි.වෙනස් වෙන්න අලූත් වෙන්න කැමතියි.පු`ථවන් වෙයිද අපිට අපි ඉන්න සංස්කෘතියට සමාජයට වෙනස් ගමනක තනියෙම යන්න.

අත්තම්ම මහපු මල් මල් චීත්ත ගවුමට හැඩවුණු හුරතල් බොළද කෙල්ලට ආදරය කරපු ආදරවන්තයා හුරුබුහුටි කෙලි පැටික්කි තවත් හැඩ වෙනවා දකින්න ආස කලා.කොල්ලගෙ ඒ ඇ`ගවීම ගැමි කමත් එක්ක පොර බදපු කෙල්ල හිතුවෙ නැති තරමට වෙනස් කරන්න හේතු වුණා.
කොල්ල බලාපොරොත්තු වුණු වෙනස මේක නෙවෙයි. ඔන්න ඒකි තමන්ට හිමි සමාජයට පිටුපාලා උන්ට වඩා අලූත්ම තාලෙට වෙනස් වෙන්න පටන් ගත්තා.

ඉස් ඉස්සෙල්ලාම කළේ අත්තම්මගෙ චීත්ත ගවුමට ආයුබෝවන් කියපු එක.සායෙන් හැට්ටෙන් කලිසමට මාරු වුණා.දණඉහෙන් උඩට ඇගේ ෂේප් එකට සිදාදියේ කඩවල ඩමියට අන්දපු ගවුම් කෑලි අදින්න වුණා.
ළමිස්සියක් වුණ දවසෙ අම්ම දාපු රත්තරන් අරුංගල් මොන කෙහෙල් මලකටද කියලා අරුමෝසම් අරුංගල් කණේ එල්ලා ගත්තා.චේන් පොටක් නැතුව පාලුවට තිබ්බ කරට බුරිය ළ`ගට දිග මාල පොටවල් ඇදුමට ගැළපෙන ගැළපෙන විදිහට වැටුණා.

ෂා උඹේ ලස්සන.... වටේ උන්ගෙ කටේ හය්ය ඒකිගෙ හිත ඔද්දල් කළා. තමන්ට හිමි සමාජයෙන් ඒකිව නුහුරු සමාජයකට හුරු කරන්න ඒකිගෙම පන්තියේ උනුත් උල් පන්දම් නොදුන්නනම් නෙවෙයි.

කැළැල් වසාගෙන වත්සුණුු ඉහුණු මූණට, පරණ පවුඩර් බෙලෙක්කෙ අමතක වුණා. තොල් වසා ගත්ත රතුපාට සායම් සරාගී ඇරයුම් පාද්දි දණඉහ ළ`ගට තිබ්බ කොණ්ඩය ලේයර් කට් එකකට ෂෝට් වුණා.ඒ විතරක්නම් මදැැයි බාට කබල් දෙක විසික් කරලා අගල් දෙකේ අඩි දෙකක් උඩටත් නැග ගත්තා. ළැම,බ`ද,ඉ`ග, නිතඹ හැඬේ බේරෙන්න නුහුරට ඇදුම් අදින්න හුරු වුණු එකීගෙ පුංචි සාය කෑල්ල එන්න එන්නම කොට වෙලා.

අනේ අපොයි ලස්සනයි කියන මිරිගුව හොයාගෙන මහාමේරුව නගිද්දි එකිට ඒකිගෙ පන්තිය,සමාජය,සංස්කෘතිය ම`ග ඇරිලා. ළගින් උන්නු ආදරවන්තයත් මේ විච්චූරණ කරත්තෙ පස්සෙ පන්නලාම හති වැටිලා වෙන මල් මල් චීත්ත ගවුමක එල්ලිලා.

හැබෑට මොකක්ද මේ ලියාගෙන ගිය අපබ‍්‍රංශෙ.නොහොබිනා නොගැළපෙන විදිහට රැුල්ලට ගසාගෙන යන කෙල්ලො ගැන කියන්නයි මෙච්චර වැල් වටාරම් කිව්වෙ.

ගමෙන් සිදාදියට එන්නේ හුරතල් බොළද කෙල්ලක්,ගෙදරින් ටියුෂන් යන්නෙ අම්මගෙ ආදරණීය පුංචි දෝණි,ගමෙන් කැම්පස් යන කෙල්ල ගෙදරින් පිට හුදකලා නොවුණු කෙල්ලෙක්. මෙන්න මුන් ඇහි පිය ගහද්දි වෙනස් වෙනවා.

උන් උන්ට හිමි වුණු සංස්කෘතිය, සමාජය උඩි යටිකුරු කරගෙන උන්ට හිමියි කියලා මවා ගත්ත සමාජයක් හොයාගෙන යන්න හදනවා.උන් පය ගැහැව්වෙ වෙනස් සමාජයකට බව ඇත්ත.ඉතින් ඒ සමාජයේ කොන් නොවී ජීවත් වෙන්න ඉගෙන ගත්තොත් විතරක් මදිද?

ඇදුමෙන් පැළදුමෙන් වෙනස්වෙන සමහර කෙල්ලන්ට  ඕනෙ වෙන්නෙ ඇදුමට හිමි සමාජ පන්තියේ පය ගහන්න. මොකද උන්ගෙ හිත් දන්නනවා ඇග නිර්ධන පන්තියේ වුණාට ඇදුම අයිති ධනපති පන්තියට විත්තිය.නයිට් ක්ලබ් ගානෙ සාජ්ජ දාගෙන විනෝද වෙන්න, අම්ම පෙව්ව කිරිවල සුවද කටෙන් යන්නත් කලින් සංකර වෙලා මදුවිත තොල ගාන්න උන් පෙළඹෙන්නෙ උන් අලුතින් දැක්ක සුකුරුත්තන් ලෝකෙදි උන් විපිරිත්තන් වෙලා නිසා.

කුණාටුව හරිම චණ්ඩයි. ඒක උහුලගත්ත උන්නම් කොහෝම හරි මෙගොඩට පීණුවා.සමහර උන් සැඩ පහර එක්ක පොර බැදුවෙ සැඩ මේච්චල් කරන්න. උන්ට වැරදුනා. ඒ සිදාදියට ආපු ගමේ කෙල්ලො හෝ ගාන පොකුණෙ අතරමංවෙලා. ඒ කෙල්ලො ආස කලේ ලස්සනයි කියන මායාවට සායම් පොවන්න.තමන්ගෙ උන් ගමේ දාලා අලූත් සමාජයක පය ගහලා ගමේ උන්ට මැජික් පෙන්නන්න.


අම්මට කෝ මොනරු දෝණියැන්දගෙ විච්චූරණ ලෝකෙ හැඩ කරන්න.මේක සුපිරි ලෝකයක් අම්මගෙ රුපියල දෙක ගෙදර පරණ පෙට්ටගමට ඔබලා ඒකි බැස්ස ලෝකෙ පැරණිම රස්සාවට.
 අතේ මිටේ මොනරු නටද්දි ධනපති පන්තියේ පුටුවක වාඩි වෙලා මෙන්න බොලේ මේකි සුරසැප විදිනවා. හැමදේම තාවකාලික විත්තිය හාන්කවිසියක් නෑ ඒකිට. දැන් අසරණ එකී කල් ඉකුල් වූ බඩුවක්.
ධනපති පන්තියේ පය ගැහුවට ඒ ඒකිට උරුම පන්තිය නෙවෙයි. අයිති කරගන්න යන හැම දේකදිම ඒකි තනි වෙලා. තමන්ගෙ උන් හැමෝම එක පන්තියක ඉද්දි මට විතරක් බෑ වෙන පන්තියක ඉන්න කියලා තේරුම් ගන්න ඒකිට ඇයි බැරිවුණේ.

අපි වෙනස්වෙමු රැුල්ලට ගසාගෙන ගිහින් අතරමං වෙන්න නෙවෙයි. අපේම කියන පන්තියට, සමාජයට, සංස්කෘතියට ඔබින තාලෙට වෙනස් වෙමු. නැත්තන් අපිට අන්තිමට ඉතිරි වෙන්නෙ අරුමෝසම විතරයි.ඒ අරුමෝසමට යැද යැද ඇතුළට පිරුණු හිස් බව කාලකණ්ණි විදිහට විදවන්න විතරයි.
 

සාගරිකා අමරසිංහ.


No comments:

Post a Comment