ලොවීනා නොපෙනෙන පැතිකඩ
මොහාන් රජ් මඩවලගේ ලොවිනා ඓතිහාසික කතා ප‍්‍රවෘත්තියක් මූලික කොට ගත්තකි. ඒ ප‍්‍රබන්ධය තුළ මන:කල්පිතයයි හැගෙන කතා තේමා ඇතත් ලොවීනා තුළ දිග හැරෙන්නේ විවිධ ඓතිහාසික මූලාශ‍්‍ර ගොණුකර ලියනු ලබන්නාවූ යථාර්ථවාදයේ කතාන්දරයකි. එනම් ශ‍්‍රී ලාංකික සමාජයේ විශිෂ්ට විනිවිධ දැක්මකි. මෙය ශ‍්‍රී ලාංකික සමාජයේ අතීතය ස්පර්ශ කිරීමක් ලෙසම මා දකින්නේ නැත. අතීතයේ වැළලූණු දේ බොහෝ ඇත. එහෙත් යටපත්ව දලූලන දේ සහ සංස්කෘතික රාමුවක කොටු වූ මිනිස් සිත්හි මිහිදන් වූ නොමැරෙණ ස්මරණද ඒ අතර ඇත. මිනිසා කැමැත්තෙන් නැතිනම් අකමැත්තෙන් අතහැර දමන්නට පසුබට වන බොහෝ දේ අතීතය වර්තමානයට එක් කර ඇත. එබැවින් පුරුෂාර්ථ දෘෂ්ටියකින් අතීතය ලියවෙන ලොවීනාහි සිට ශ‍්‍රී ලාංකික සමාජය අතීතයේ සිටත් වර්තමානයේ සිටත් විනිවිද යමින් කියවිය හැකි ප‍්‍රබන්ධයකැයි මෙය හදුන්වා දීමට මම කැමැත්තෙමි. ලොවීනාහි ඇති අතීතය මිහිදන් කළේ මොනවාද? රැුගෙන ආවේ මොනවාද? අද පවත්නා සමාජයත් මෙයමද? මෙම ලිපියේදී මේ සියල්ල කතා බහට ලක් කෙරෙන්නේ ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය යන තේමාවේ සිටයි.
එය ගැඹුරින් කතා කල යුත්තකි.ලොවීනා මාගේ කියවීමට පෙර මොහාන් රාජ් මඩවලයන්ගේ පෙරවදන කෘතිය හදුන්වා දෙන්නේ කෙසේදැයි විමසමු.
මෙය
තෝමස් මෙට්ලන්ඞ් ආණ්ඩුකාරවරයා සහ ලොවීනා නම් රොඞී තරුණිය පිළිබ`දවත්
දස්කොන් මහාදිකාරම් සහ ප‍්‍රමිලා බිසවුන් පිළිබ`දවත්
සමාජයට පෙන්නුම් කිරීම පිණිස දැරූ උත්සහායක්වත් නොවන අතර
තමාගේ ජීවිතය අන් අයගේ සතුට වෙනුවෙන් පිරිනැමූ
උපතින් බොදු ගොවි ඊනියා තරුණියක් මෙන්ම
මරණය වන විට වර්තමාන සමාජයේ මෙන්ම අතීත සමාජයේ
මනුෂ්‍යත්වය නම් වූ වදන තමාගේ ඇගේ හංවඩු ගසාගත්
ශ‍්‍රී ලාංකික පුද්ගලයන්ගේ පිළිකුලට ලක් වූ
ඊනියා රොඞී කුලයේ තරුණියක වටා ගෙතුණු සමාජීය දැක්මකි.
සැබවින්ම ලොවීනා යනු කතාවෙහි අග භාගයේදී එක් වන චරිතයක් වන අතර කතාව විකාශය වන්නේද කතාව මුල සිට අග දක්වා පබදන්නේද පුන්නී නම් ගැහැණියයි. එම ගැහැණිය පිළිබ`දව කතා කරන්නටත් පෙර පුරුෂාධිපත්‍ය සමාජයක පීඩිත ගැහැණුන්ගේ විශිෂ්ටත්වයේ අභිමානවත් ප‍්‍රතිරුවක් ලෙස මගේ දෘෂ්ටියෙන් මා ඇය හදුනවා දෙමි.
පුන්නාගෙන් ආරම්භ වී කතා බහට ලක්වන ලොවීනා කතාන්දරය ශ‍්‍රී ලංකාවේ පැවති කුල විභේදනයත්, ලන්දේසි හා ඉංග‍්‍රීසි යුගවල සමාජ යථාර්ථය හෙළිදරව් කිරීමත්, ශී‍්‍ර ලංකාවේ රාජ්‍යයේ ඒකාධිපතීත්වය පිළිඹිබු කිරීමත්, ජනමූල ඇදහීම් හා චාරිත‍්‍ර යළි මතුකර පෙන්වීමත් නිරූපණය කරන අතර විශේෂ්වය සහ මේ රචනය ලොවීනාහි ස්ත‍්‍රිය විෂයෙහි පවත්නා අනේකාකාර පීඩනය කෙරෙහි කෘතිය යොමු කරන අවධානය පිළිබ`දව සිව්වන ඇසකින් බලා ස්ත‍්‍රිය කෙරෙහි පවත්නා අතීතය වර්තමානය කෙතෙක් දුරට යා කළ හැකිද? අද ශ‍්‍රී ලාංකික ස්ත‍්‍රිය තවත් පුන්නී කෙනෙක්ද? ලොවීනා කෙනෙක්ද යන්න විමසීමයි.
කුලවත් පවුලක උපන් රුවැති පුන්නා එකළ ස්ත‍්‍රී සමාජ වටපිටාව ස්ත‍්‍රියගේ සමාජ තත්වය පහත්කොට ලා සැළකුවද ඉගනීමේ වරප‍්‍රසාද ලද්දීය. පවුලේ එකම දියණිය වීම එයට බලපෑ බව වක‍්‍රාකාරව ස`දහන් වේ. වර්තමාන සමාජ තත්වය මීට වඩා එනම් අධ්‍යාපන වරප‍්‍රසාද අතින් ස්ත‍්‍රිය ඉදිරියෙන් සිිටින බව සැබෑය. එහෙත් දියණියකට වඩා පුතෙකුට ඉගනීම ස`දහා වැඩි වියදමක් දැරිය යුතුයැ යිද දියණිය යම් තරමකට උගන්වා අත මිට සරු අයෙකුට විවාහ කර දිය යුතු යැයිද සිතන දෙමාපියන් අද සමාජයේ නැතුවා නොවේ. කෙසේ වෙතත් පුන්නා අධ්‍යාපනය ලැබීමේ වරප‍්‍රසාද ලත් එකියක් විය.
බුද්ධියෙන් මෙන්ම දැකීමට ප‍්‍රිය වූ රූප සම්පත්තියක් ඇය සතු විය. නිවසේ කෙළි දෙලෙන් හැදී වැඩුණු පුන්නාට ඇගේ සිත් ගන්නා රූපාශ‍්‍රීය නිසාද, රාජ්‍ය පාලනාධිකාරයේ බලය නිසාද සිදු වූයේ ජීවිතය උඩි යටිකුරු කර ගැනීමටයි. ස්ත‍්‍රියක් ලෙස සුන්දරත්වය ලැබීමෙන් ජීවිතයේ වාසනාව අවාසනාව බවට පරිවර්තනය කර ගැනීමට පුන්නාට සිදුවිය. ඒ ඇය ලබන්නේ ස්ත‍්‍රියක් වීමේ ඛේදයයි. ශ‍්‍රී පරාක‍්‍රම නරේන්ද්‍රසිංහයන්ගේ මන්ද මානසිකත්වය හමුවේ පුරුෂ මූලික සමාජයක අසරණ වන පුන්නා ජීවිතයේ සදාතනික විදවන්නියක බවට පත් වීමයි.
”මේ කෙල්ල එක්ක පලයං මගෙ අන්ත:පුරේට. රජු එක් ඇසිල්ලකින් පුන්නාගේ අනාගතය තීරණය කළේ මෙසේය.”
රාජ්‍යත්වයේ සම්ප‍්‍රදායන් තුළ තවත් එක් අන්ත:පුර ස්ත‍්‍රියක් වන පුන්නා පුරුෂධිපත්‍යට එරෙහිව මහපොළවේ සටන් කළ කාන්තාවක් නොවීය. එදා සම්ප‍්‍රද්‍රය අනුව ඇයට අන්ත:පුර ස්ත‍්‍රියක් ලෙස කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එක් වීමට සිදුවිය. රජුට නැතිනම් පුරුෂයාට ඇති බහු ස්ත‍්‍රී ප‍්‍රසිද්ධියේම සේවනය කිරීම කාන්තාවට සිහිනෙන් හෝ උරුම නොවීය.
පුන්නීද එවැන්නියක් විය. මේ වපසරිය අතීතය යැයි කියා නන් දොඩා නිහඩ විය හැකි සමාජ සන්දර්භයක් අද ගොඩනැගී තිබේද?ලාංකේය ඉතිහාසයේ සේම ලොක ඉතිහාසයේද මතු නොව වර්තමානයේද ධනය, බලය හමුවේ රිසිසේ කාන්තාවන් හා පුරුෂයාට යහන්ගත වීමට පුරුෂයාට හැකිය. නීත්‍යානුකූල එක් බිරිදක් යටතේ අනියම් කම් සුව විදින පිරිමින් අදද නැතුවා නොවේ. සැබවින්ම අද සමාජයේ එය පිරිමියාට පමණක් ඇගිල්ල දිගු කළ හැකි කරුණක්ද නොවේ. නමුත් පිරිමියෙකුට සින්නකර වන ස්ත‍්‍රීන් අති බහුතරය අදටත් තම පුරුෂයාගේ ආධිපත්‍යයට නතු වන්නීය.
කෙසේ වෙතත් එකළ මෙකළ සමාජය තුළ ඕනෑ තරම් පුන්නා වැනි අහිංසක තරුණියෝ වෙති. ධනය බලය මුල් කොටගත් ධනවත්තු යහන්ගත වන කාන්තාවගේ බලය,ධනය,ජාතිය,ආගම, කුලය,තරාතිරම නොසොයා කාමාතුරව යහන්ගත වෙති. ඒ සියල්ල ඔවුන් ලන්සු තබන්නේ මතුපිටට පෙනෙන සමාජයේදී පමණකි. සමාජයෙන් වහන්ව ඒ කෙලෙසෙන්නේ ස්ත‍්‍රියකගේ පාරිශුද්ධියයි. චරිතවත් බවයි. එසේනම් මොහාන් රාජ්ගේ ලොවීනා හි පුන්නා අතීතයට එක් වූ රුවක් පමණක්ද? විමසා බැලිය යුතු මනාය.
අන්තප්පුර ලලනාවක් වූ පුන්නා සුවද මලින් නැහැවී ගැහැණියක වීමට පෙරම`ග බලා සිටියාය. බොහෝ කල්ගත විය. රජු මේ නොයිදුල් ලද සොයා ඒමට කල් ගත විය. පුන්නා අන්ත:පුරයට රැුගෙන ගියේ බලහත්්කාරයෙන් බව සැබෑවකි. එහෙත් නොයිදුල් ඇය නරේන්ද්‍රසිංහ රජු තමන් කරා එන පෙරම`ග බලා සිටින අයුරු මෙම නවකතාවේ නිරූපිතය. ඒ ගැහැණු ස්වභාවයයැ යි මම නොකියමි. නීතියෙන් සැමියාට සින්නක්කර වන ඕනෑම ගැහැණියක් තම පිරිමියා ළග පතිවත පුදන්නට සූදානම්ය. පුන්නාද එවැන්නියකි.එහෙත් නිර්මල කතක පතිවත මුදා හරින සයනයක් මත ඇගේ පාරිශුදිධිය හෙළන්නට ඇයට නොහැකි විය.ඇය සන්සර්ගයේදීද ලබන්නේ පුරුෂයාගේ වහලිය ලෙයසි.රජුගේ අණ ඇය වෙනුවෙන් ආදරය වෙනුවට ගෙන ආ වදන් මේ විය.
”අර හිටිය වගේ ඉදගනින්් පොකුණෙ බැම්ම උඩින්”
සුරාමතින් මත් නරේන්ද්‍රසිංහ රජු නග්න වූ කාමාශාවෙන් මඩපිරි පොකුණෙහි ඇය ගැහැණියක් කළේය. මේ ඇයට හිමි තැනයි. පුන්නාට සේම අන්ත:පුර ලලනාවට බලය,ධනය මත පීඩිත පන්තියේ කතට හිමි තැනයි. එය එදා සමාජයටත් අතීතයටත් පමණක් සීමා වූවක්ද? පුරුෂ ලිංගික තෘෂ්ණාව මත ස්ත‍්‍රිය අසරණ වීම, නතු වීම අද දක්නට නැතිද? පියවරුන්,ධනවතුන්,දේශපාලන බලවතුන්,සල්ලාලයින් අතින් ස්ත‍්‍රිය ¥ෂණයට ලක් වන්නේ අතීත නටබුන් වලට යළි පණ පෙවීමක් සේ නොවීද? විද්‍යා වැනි අහිංසක දියණියන් බලහත්කාර ලිංගික අශෘවන් සන්තර්පණය කොට ජීවිතයෙන් වන්දි ගෙවන්නේ ස්ත‍්‍රියට හිමි තැන ඇයට ලැබී නොමැති නිසා නොවීද? ලොවීනා කියවීම තුළ එක් අතකින් මා දකින්නේ ස්ත‍්‍රිය එදා සේම අදත් පුරුෂයාගේ ලිංගික වහලියක් ලෙයසි.ලොනීනා කියන්නේද මේ කතාන්දරයයි.

රචකයා හරි අපූර්ව ලෙස අන්ත:පුර ස්ත‍්‍රියට හිමි වූ තැන නිරූපණය කර ඇත. ඇය රජුගේ පහස ලබන්නේ එක් දිනක් හෝ දෙකකි.රජුගේ ආශාව සන්තර්පණය වූ පසු ඒ ලලනාවගේ අරුතක් හෝ අගයක් නැත.මේ නිරූපණය වත්මන් සමාජය තුළත් විමසීමට ලක් කළ යුතු නොවේද? විවාහක බිරිදකගේ අගය නොසලකන ඇගෙන් පමණක් තෘප්තිමත් නොවිය හැකි විෂම සමාජයක් ස්ත‍්‍රිය වටා අදද නිර්මාණය වී නැතුවා නොවේ.මේ ප‍්‍රමිලා බිසව රජු ගැන කරන විස්තරයක උපුටා ගැන්මකි.
”එයාට ගෑණු කීයක් ඉන්නවද කියලා ගණන් කරනඩවත් වෙලාවක් නැතුව ඇති”
රචකයා ඇගේ කීම පිළිබ`ද තවදුරටත් කෙරෙන වර්ණනය එහි අරුත මනාවට නිරූපණය කර ඇත.
”ඈ රජ්ජුරුවන්ගේ බිසොවරුන් ගැන පැහැදිලි කළේ එසේය. අනෙක් අතට හගුරන්කෙත රජ මැදුරට අමතරව සෙංකඩගලපුරත් කුණ්ඩසාලේත් තව රජු මැදුරු දෙකක් රජ්ජුරුවන්ට ඇති බව ඈ පැහැදිලි කළාය.ඒ හැම රජ මැදුරකම මීටත් වඩා දෙතුන් ගුණයක අන්ත:පුර ලලනාවන් ඇති බවද ඈ පැහැදිලි කළාය. ඒ නිසා එක් ගැහැණියක් සම`ග එක් වරකට වඩා නිදා ගන්න ඕනෑ කමක් රජ්ජුරුවන්ට තියෙන්න පු`ථවන් විත්තියක් ඈ කිසිසේති විශ්වාස නොකළාය.”
වර්තමානයේ මෙන්ම එදාද කාන්තාව විසින් තමාට හිමි තැන නිර්මාණය කොට තිබුණි. ඇය පිරිමි අනසකට යටත් විය යුත්තියක්. පිරිමියාගේ සතුට වෙනුවෙන් කැපවිය යුත්තියක් ලෙස ඇය ඇයවම හදුනා ගන්නා ලොවීනාහි අතීත සමාජයත් වර්තමාන සමාජයත් තුළ ඇති වෙනසක් නොවේ. ගැහැණු අපි දුක් විදින්න උපන් ජාතියක් ලෙස ඇය ඇයවම හංවඩු ගසාගෙනය.
”ගැහැණු ඉපදිලා තියෙන්නෙ ගෑණු වෙනුවෙන් නොවෙයි. පිරිමි වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරන්ඩ”
ප‍්‍රමිලා බිසව පුන්නී සම`ග පවසන මේ වදනින් එකී යථාර්ථයත් රචකයාගේ පුරුෂවාදී දෘෂ්ටියත් මනාවට නිරූපණය කරයි.ලොවීනා හි සිට නවකතාකරුවා අතීත සිංහලයේ ස්ත‍්‍රිය කෙරෙහි බලපෑ අසීමිත පීඩාකාරී තත්වයන් මැනවින් නිරූපණය කොට ඇත. මේ එහි එන එක් උපුටා ගැනීමක් පමණකි.
”ගෑණු අපි දුර්වලයි තමයි... ඒත් දෙකෙන් එකක් අපි තෝරගන්න ඕන.එක්කො මේ දුක් උහුලගෙන ජීවත් වෙන්ඩ... නැත්තන් මේ ඔක්කොම අතඇරල මැරෙන්න.”
ප‍්‍රමිලා බිසව්ගේ මේ කියමනින් නිරූපණය කරන්නේ අන්ත:පුර ස්ත‍්‍රියගේ ෙඛිදවාචකය වුවද අදද කාන්තාවගේ සිතුම් පැතුම් මේ සංස්කෘතික රාමුවෙන් ඔබ්බට ගොස් ැත.
පුන්නා රජ වාසලේදී රජතුමාගේ පහසින් ස්පර්ෂ වූයේ එක් වතාවකි.නමුත් රචකයා උලූප්පවා නොදක්වනා යමක් පුන්නා සහ දස්කොන් අධිකාරම් සම`ග වූ බව ගම්‍යමාන වන්නේ ඇය ගැබිනියක් වීමෙනි. ප‍්‍රමිලා බිසව රහසේ අනියම් පෙම් සුව විදිද්දී පුන්නා අභීතව රහස් පෙම හෙළි කරන්නට හැකි වූ ලොවීනා කතා මාලාව පුරා දිවෙන පුන්නාගේ චරිතය පුරුෂාධිපත්‍ය මත පොළවේ පය ගසා සිටින්නට තතනන කාන්තාවකැයි පැවසීමේ වරදක් නැතැයි මට සිතේ.කෙසේ වුවත් මා කලින් ස`දහන් කළ පරිදිම ලොවීනා අතීතය අතපත ගා වර්තමානය විනිවිද දැකීමකි.
මන්ද ප‍්‍රමිලා බිසව හා දස්කොන් අනියම් පෙම් හබය තමා පිට පටවා ගන්නා පුන්නා අභීත කතක් ලෙස සමාජ බුහුමන් නොලද්දීය.ඈට වූයේ ගැරහුමයි. ජීවිතයම කදුලක උරුමයයි. වර්තමානයේ වුව මෙවන් තත්වයක අවසානය මෙයයි.එසේම ස්ත‍්‍රිය පිට සියලූ වරද පැටවී නිර්මලත්වය පුරුෂයාටම හිමිවී ස්ත‍්‍රිය අසරණ වීමයි.අන්ත:පුරෙයේ ප‍්‍රසිද්ධ කම් සුව රජුට කැප වෙද්දී නොලද කම් සුව අනියමින් විදීමට අන්ත:පුර ස්ත‍්‍රියට අකැප වූවේ පුරුෂ මූලික සමාජයක අසාධාරණ ලෙස රජුගේ එක් දිනක ලිංගික වහලියක වී සාදාකාලික ලෙස තම ආශාවන් යටපත් කර ගැනීමට සිදු වූ නිසාවෙනි.
එසේම මෙහි අනෙක් පස බලවන්තයාගේ පරාක‍්‍රමය මත පේ‍්‍රමවන්තයාගේ ඉරණම තීරණය වීමයි.සිතු සිතූ ලෙස රජු සිත් බැදගත් ලිය සම`ග රජු යහන්ගත වෙද්දී බිසව්ගේ සිත් බැදි පේ‍්‍රමවන්තයාත් (දස්කොන්* ප‍්‍රමිලා බිසව වරදින් මුදවා ගන්න පුන්නාත් මුහුණපාන ඉරණම ඛේදනීයයි. නූතනයේද අනියම් පෙමක අවසන ඛේදය ගෘහයේ පිරිමියාගෙන් ස්ත‍්‍රිය මත පැටවෙන්නේ ස්ත‍්‍රියෙක් අනියම් සැමියාගේ වෙද්දී ගෘහමූලික පිරිමියා කෙතරම් වැරදි කර ඇතත් ඔහුට නිර්දෝෂී සළකුණ ලබා දෙමිනි.
මනුෂ්‍යයෙකු ලෙස උපන්නද මනුෂ්‍යාට හිමි සියලූ සැප සම්පත් වරප‍්‍රසාද භුක්ති විදීමේ උරුමයක් කාන්තාවට තිබෙනවාද? නැත.එය අතීත ශ‍්‍රී ලංකාවට පමණක් නොව අදටත් පොදුය.ලොවීනාහි එන පුන්නා පේ‍්‍රම කිරීමේ වරදට ලක්ව පුන්නී ලෙස රොඞී කුලයට පිටුවහල් කිරීමෙන් ඇරඹෙන කතාව අපූර්වය. මෙය සාධාරණද? මෙය සත්‍යයද? එසේ සිදු වන්නේ පුන්නාගේ වරදක් නොමැතිව බව ලොවීනා ඔබ කියවා ඇත්නම් වැටහී ඇති. එහෙත් මේ වරද ඇය ඇයටම පවරා ගැනීමකි. පුන්නා පුන්නී ලෙස රොඞී කුලයට පිටුවහල් කිරීමෙන් පසුව දිග හැරෙන ලොවීනාහි කතා පුවත කුල මල භේදය දැඩි ලෙස පෙන්නුම් කරයි. මෙහිදී නවකතාකරු මෙතර දියුණු සමාජයක වුව පවත්නා කුලමල භේද බින්නතා වක‍්‍රාකාරව පෙන්නුම් කිරීමට උත්සහා කරයි. කෙසේ වෙතත් රජ මැදුරෙන් රොඞී දැහැනට නෙරපෙන පුන්නී රජ වාසලෙන් නෙරෙපෙන තැන් සිට අනේකවිද අවමන් ලබන්නීය. සිත් පීඩා මැද වුවද රජ වාසලේ සව්සිරින් වැජඹි ඇය උඩුකය නිරුවත්ව රොඞී දැහැනට නෙරපද්දී හැගීම් විරහෙිත ලදක් විය. රජ වාසල රාජ්‍ය සේවකයන්ගේ අඩන් තේට්ටන් ඇයට උරුම විය. මේ පුරුෂ සමාජයෙන් අසරණ වන ස්ත‍්‍රියට ලැබෙන බුහුමනයි.
”තු: නොදකින් වල් වේසි....... ඔක්කොම වල් කම් කරල දැන් බලමුකො ඉන්න හැටි පත්තිනි මෑණි ගාණට.....”
තම ජීවිතය අන් අයගේ සතුට වෙනුවෙන් කැප කළ පුන්නී පාඨකයෙකු ලෙස මා දකින්නේ ශ්‍රේෂ්ට ගති ඇති චරිතයක් ලෙයසි. කුලවත් මිනිසුන්ට වඩා ගති ඇති කුලවතුන්ට ආදර්ශයට ගත හැකි චරිතයක් ලෙයසි.
පුරුෂ දෘෂ්ටියෙන් ලියවෙන පුන්නී කතා පුවත ස්ත‍්‍රියගේ නොසැලෙන අභීත බව පෙන්නුම් කරන කැටපතක් ලෙයසි. ලොවීනා ප‍්‍රධාන චරිකය වන පුන්නී එළඹි සමාජ හැල හැප්පීම් හමුවේ අභියෝග වලට මුහුණ දෙමින් තම වර්ගයාගේ දියුණුව පිණිස කෙසේ වෙතත් නවකතාකරු පුන්නා නම් වූ කළ මේ පුන්නීට රජ වාසලත් කුලවත් සමාජයේ අසරණ පුරුෂාධිපත්‍යයට නතු වූ ස්ත‍්‍රිය නම් වූ සාම්ප‍්‍රදායිකත්වය විදහා දැක්වීමට යොදා ගත්තද රොඞී කතක් වන කළ පුන්නී නම් වන ඇයටම බල සම්පන්න ගෞරවනීයත්වයක් පත් කතක් ලෙස විදහා දැක්වීමට කටයුත කර ඇති බැවි පෙනේ.
ඇය රාජ ස්පර්ෂය ලද කතක් ලෙසත් රජ දරුවන් බිහිකළ කතක් ලෙසත් ඇය රොඞී කුලයේ ගෞරවාදරයට පත්ව ඇත. බයියානම් මහුලූ මිනිසාගේ ලිංගික ආශාවන් සන්තර්පණය කළද පුන්නී රොඞී දැහැනේ නායකත්ව ගති ගෙන්නුම් කළ කතක් විය.ඇගේ නායකත්න ලක්ෂණ රැුහේ හුවාලියාද යටපත් කරන්නට සමත් විය.ඇගේ ස්ත‍්‍රීත්නය ගහේ පිරිසගේ බුහුමනට ලක්වන අවස්ථා බොහෝමයක් මෙම නවකතාවේ අනිතර්ගතය.තම පුත් සසිරා කුලවතුන්ගේ දණ්ඩනයට ලක් වූ අවස්ථාවේදීද ඇය හැගීමිබර කතක් නොවීය.
”මූ මං බඩින් වදාපු එකා... තොපි ඔක්කොටම වැඩියෙ ඌ ගැන කැක්කුමක් තියෙන්නෙ මට... ඒ හින්ද මෙතන වැඩ කෙරෙන්ඩ ඕන මට මට ඕන විදිහට...”
”හුවාලියා ලොකු හුස්මක් ඉහලට අරගෙන නැවත ඇය දිහා බැලූවේය.”
මෙසේ රජ ගෙයින් රොඞී රොඞී දැහැනේ මහලූ මිනිසාට පාවා දුන් පුන්නී කාලයාගේ් ඇවෑමේන් රොඞී රැුහේ බලගතුම වැඩිහිටි ගැහැණිය බවට පත් වෙයි. කතුවරයා එය නිරූපණය කරන ආකාරයෙන් පිළිිබු වන්නේ එය ඔහු මෙමකතාවේදී කාන්තාවගේ ශ්‍රේෂ්ටත්වය දැක්වීමට යොදා ගන්නා එකම යාන්ත‍්‍රණය යැයි මට සිතේ.
ලොවීනා නවකතාවේ ස්ත‍්‍රීත්වය පුරුෂත්වය කිරා මැන බැලීමේදී කතා කළ යුතු අනෙක් චරිතය පුන්නීගේ මිණිබිරියයි. ඇය පිංචී නම් විය. පිංචී අපොන්සුවා නම් රජුගේ පරංගි සෙබළා සම`ග පෙමින් බැදෙන්නේ පුන්නීගේද දැනුවත් භාවය මතයි.පිංචි අපොන්සුවා කෙරෙහි බැදෙන්නේ කිසිදු බලහත්කාරකමකින් තොරව බව පැහැදිලිය. නවකතාකරු උලූප්පා නොපෙන්නුවද මෙයින් නිරූපණය වන්නේ කාන්තාව අනුවණ යැයි පවත්නා සමාජ සම්මතයයි. කාන්තාව සතුව නිසගයෙන්ම පවත්වන්නේයැයි කියන තෘෂ්නාවයි. මෙකී සම්මතය මොහාන් රාජ් පවසන අතීතයට පමණක් සීමා වී නැත. වර්මතානයටද පොදුය.
සැබවින්ම ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවයේදී පුරුෂයා ස්ත‍්‍රියට සම තැන නොදෙන්නේ යැයි ඇය පහත් කොට තකන්නේ යැයි පිරිමියාට පරිභව කරන කිරීමම හේතු සහගත නැත.ස්ත‍්‍රිය තම ගරුත්වය තමාට හිමි නිසි තැන ලබා ගැනීමට නුවණැති විය යුතුය. පිංචි අපොන්සුවා හා සම`ග වන බන්ධය මම මෙසේ අර්ථ දක්වමි.
ගැහැණිය සැබවින්ම සිතන්නේ ධනවතා බලවතා තමාට දක්වන පේ‍්‍රමය සැබෑවක් බවයි. එහෙයින් තමාට වඩා ධනයෙන්,බලයෙන්,කුලයෙන් උසස් පුරුෂයන් ඇසුරට ගැහැණිය ලොල් වන්නීය. එයින් ඇය සැපතක් සේම දුක් කම්කටොලූද භුක්ති විදින්නීය. නමුදු එකී පුරුෂයා ඔහුගේ තරාතිරම පවතින සමාජයේ ගොදුරක් බවට පත්වන බව ඇය නොසිතන්තීය. බොහෝ විට සැබෑ ආදරයක පවතින්නේද කාන්තාව තුළ පමණකි. පුන්නීගේ මිණිබිරිය පිංචීද මෙබන්දියකි.
එසේම පුන්නී පිංචීට උදව් සපයන්නේද බලවතාගේ බලයට දැක්වූ ලෝලත්වයටයි.
”තව ටික වේතාවකින් මංගල රාත‍්‍රිය ගත කරන්නට යන ඒ පහළොස්විය පිරුණු නාඹර රොඞී කෙල්ල පුන්නී විසින් හැකි උපරිමයෙන් මනාලියක් බවට පත් කර තිබුණාය.සැබවින්ම එය අරුම පුද්ම මංගල්‍යයක් විය. ඒ මංගල්ලයට තවත් කවුරුත් සිටියේ නැත.එය දැන සිටියේද ඇගේ කිරි අත්තම්මා විතරය.”
එහෙත් සිදුවූයේ අවසන පිංචීට සියල්ලේ භාරකරු වීමටයි.එහිදීද පුන්නා හරි අපූරුවට පිංචීගේ කුසට අපොන්සුවාගෙන් ආ ගැබට කතා ගෙතුවේ කපටි ස්ත‍්‍රී චරිතයක් ලෙස පෙනී සිටිමිනුයි.
”අපි කවුරුත් දන්න මැරිච්ච සසිරා තමයි මැගෙ භඩට ඇවිත් තියෙන්නෙ.කතරගම දෙයි හාමුදුරුවෝ මට ඒක හීනෙන් වීවා ෙමිකි ගැබිබර වෙච්ච දවසෙ...එක් ඒක සිද්ධ නුණේ කොහොමද කියල උන් වහන්සේගෙව්ම තමයි අහන්න ඕන...”
අපොන්සුවාගේ ලිංගික සූරා කෑමෙන් ජාතක වන දරුවාට පියෙකු වීමට අපොන්සුවා අපොහොසත් වෙද්දී පිංචී ඇයගේ භාරකාරීත්වයත් පුන්නී ඇයව රකින්නියත් විය. මෙවන් මව්වරුන් දියණියන් අද සමාජයේද ඕනෑ තරම්ය. ධන,බල කුවේරයන්ට දියණියව දන්දෙන මව්වරු පියකු නොමැති යැයි ජාතක වන මුණූබුරු මිණිබිරියන්ව රැුකබලා දෙති.පුරුෂාධිපත්‍යය යැයි ස්ත‍්‍රිය සූරා කෑවේ යැයි කීමට පෙර එයට පෙළඔුණේ පුන්නීගේ සමාජයේ සේම අද සමාජයේත් ස්ත‍්‍රිය තුළ පවත්නා ධල බල කෑදර කම නිසා බව සිතිය යුතු මනාය.
ලොවීනා කෘතිය පුරාම දිවෙන ප‍්‍රධාන භූමිකාව පුන්නීය. ලොවීනා කරලියට පැමිණෙන්නේ කතාවේ යුග කිහිපයකින් පසුවයි. ලොවීනා නම් ඇය පිංචීටත් අපොන්සුවාටත් දාව උපන් දියණියයි. යුරෝපීය සංකලනයෙන් රොඞී ළදකට උපන් ලොවීනා රූබර තැනැත්තියක් ලෙස නවකතා කරු පෙන්වා දෙයි. ඒ රූබර ලලනාවගේ මානසික හැල හැප්පීම් කතුවරයා පෙන්වා සෙන්නේ පුරුෂයාටත් ස්ත‍්‍රියටත් සමබර වූ දෘෂ්ටියක සිටයි. ලොවීනා සැබෑ ආදරයත්, බලයට නතු වූ ආදරයත් අතර තුන්කොන් ආදර කතන්දරයක පැටලූණු එකිවකි. ලොවීනා මෙට්ලන්ඞ් ආණුඩුකාරවරයාට ආදරය කළේ නැත. ඇයට සිදු වූයේ බලයට අවනත වීමටයි. බලයට අවනතව මෙට්ලන්ඞ් ආණ්ඩුකරුගේ ලිංගික ආශාවන් සන්තර්පණය කිරීමෙහි ලා ඔහු සම`ග හැගීම් විරහිතව යහන් ගත වීමයි.
”ලොවීනාට ඔහු කී කිසිවක් ඇසුණේ නැත.අග‍්‍රාණ්ඩුකාරවරයා තමන්ට කිසිවක් කී බව හැගුණ නමුත් ඒ මොනවාදැයි ඇයට තේරුණේ නැත.එහෙත් ඔහු මේ කියන්නේ තමාගේ කය පාවිච්චි කරන්නට උවමනා බව විය හැකියැයි ඇයට සිතුණේය. ඒ නිසා ඇය තන පටය ගලවා ඇද උඩ ඇලවුණාය.”
”ලොවීනාගේ සිත තුළ තිබුණේ එකදු සිතුවිල්ලක්වත් නොවේ.ඇය සිටියේ ඇගේ ලෝකයේ සදාතනික අදරය තිබූ උතියාගේ මතකය සම`ගය.”
මෙය ස්ත‍්‍රිය ලිංගික සූරා කෑමකට බදුන් කිරීමක් බව පැහැදිලිවම පෙන්වාදිය හැකිය. කතාවේ පැහැදිලිවම ලොවීනා ආණ්ඩුකරුගේ ලිංගික භාණ්ඩයක් බවට පත්ව ඇත. මෙය කතුවරයා එදා සිට අද දක්වා සමාජය විනිවිද දැකීමකි.
කෙසේ වෙතත් නවකතාකරු මෙට්ලන්ඞ් ආණ්ඩුකාරවරයා ලොවීනාට දක්වන්නේ රාග මිශ‍්‍රිත ආදරයක් බැව් සනාථ කිරීමට කරුණු දක්වා ඇත. රොඞීන් හට යම්තාක් වරප‍්‍රසාද ලබා දීමට මේට්ලන්ඞ් ආණ්ඩුකරු පෙළඹෙන අයුරුත් ලොවීනාගේ පියයුරු දැක අන් අයට ඈ කෙරෙහි ලිංගික ආශාවන් ඇති වේ යැයි බියෙන් රොඞී කතුන්ට පියයුරු වැසෙන්නට උඩුකය ඇද්මක් අදින්නට අවසර දීමත් ඔහු ඇයට රාගය සේම යම්තාක් වූ පේ‍්‍රමයක්ද දක්වන බවට ඒත්තු ගැන්වීමකි.ලොවීනාහි එන මෙවන් සමාජ වපසරියන්,ගැහැණුන් පිරිමින් අද සමාජයේද නැතුවා නොවේ.
ලොවීනාත් මේට්ලන්ඞ් ආණ්ඩුකාරවරයාත් අතර වන ලිංගික ගණුදෙනුවේදී කතා කළ යුතු තවත් පැතිකඩකි. පියකු තම දියණියගේ ආරක්ෂකයාය. ස්ත‍්‍රිය සමාජයේදී ලැබිය යුතු බුහුමන් තම පවුල් පසුබිම ම`ගින්ම ගොඩ නගා දීමට පියා පාර කැපිය යුතුය. දියණිය බිල්ලට දෙන, සිත‍්‍රියක් ලෙස ඇගේ ගරුත්වය සමාජය ඉදිරියේ අවමන් කරන පියවරුන් අද සමාජයේද සිටිති. අපොන්සුවාද නියෝජනය කරන්නේ එවන් පියවරුන්ය. තමාගේ කාම ලෝලීත්වයට ගොදුරු වූ ගැහැණියගේ මෙන්ම තම ලෙයින් උපන් දියණියගේ අනාගතයට හව්හරණක් වන්නට ඔහුට නොහැකි විය. අපොන්සුවා අකමැත්තෙන් වුවද තමාගේ දරුවා මේටිලන්ඞ් ආණුඩුකාරවරයාගේ ලිංගික ආශාවන් වෙනුවෙන් පොළඹවා නිහඩ වීමට ඔහුට සිදු විය. එය කතුවරයා නිරූපණය කරන මෙම සංවාදයෙන් මනාව පැහැදිලිය.මෙය වර්තමාන දියණියකගේද උරුමය විය හොහැකිමයැයි අපට කිව හැකිද?
”උඔ දන්නවානෙ මං ඒ කෙල්ලට කැමතී කියලා...”
”එහෙමයි උතුමාණෙනි...”
”ඒ කෙල්ල මට කැමතී කියලා උඹ හිතනවද?”
”එහෙම නොවෙන්ඩ හේතුවක් නෑ උතුමාණෙනි...”
”ඒක තමා, ඒක එහෙම වෙන්ඩ ඕන..”
”එහෙමයි උතුමාණෙනි..”
කෙසේ වෙතත් ලොවීනා පැතූ ආදරය මේට්ලන්ඞ් ආණුඩුකරුගේ කාම ලෝලීත්වය හරහා යටපත් කර ගැනීමට සිදුවිය. නමුත් ඇය සැබෑ ලෙස ආදරය කළේ උතියාටය. ඇගේ හැගීම් ඇයට යටපත් කර ගැනීමට සිදුවූයේ ස්ත‍්‍රීත්වයත්,කුලයත්,බලයත් ඇයව පාගා පොඩිකර දමා තිබූ බැවිනි.එසේම මුල් අවධියේදී ඇය එඩිතර කාන්තාවක් ලෙස අග‍්‍රාණ්ඩුකරුගේ අණසකට යටත් නොවන්නට සිතුවාය.
”අග‍්‍රාණ්ඩුකාර උත්තමයගෙ උනත් හොර ගෑනි වෙන්න මට බැහැ”
නමුත් ඇගගේ ගාමිභීරත්වය බලය හමුවේ පරාජය වීය.
කාන්තාවක් ලෙස ඇය ලැබූ පීඩනය අති මහත්ය. ස්ත‍්‍රී ඛේදවාචකයේ උපරිමය මොහාන්රාජ් දක්වන්නේ ලොවීනා හරහාය. ඇය අකමැත්තෙන් කාමාතුරයෙකුගේ ආශාවන් සන්තර්පණය කරමින් උතියාගේ ආදරය පැතුවාය. ඇය උතියාට පේ‍්‍රම කරන්නේ කුඩා කළ සිටය. මේ මානව බන්ධනයේ ඛේදය උතියා අතුරුදහන් වීමයි. ලොවීනා කතාවේ මුල සිට ගලා එන පීඩිත ස්ත‍්‍රිය පුන්නීගෙන් ලොවීනාට ඛේදයක් තබා පීඩාවට ලක් වූයේ කුලය,බලය යන සියල්ල නිසා ස්ත‍්‍රිය බව හගවා කතකයා නිහඩ වෙයි. මේ අසරණ පැතුමක් වෙනුවෙන් ම`ග බලන ලොවීනාය. බලය ඇගෙන් උදුරාගත් ස්ත‍්‍රීත්වය අකමැති පුරුෂයෙකු වෙනුවෙන් පතිවත පුදන්නට උවද පෙරම`ග බලා සිටින පැතුමක් වෙනුවෙන් පෙරුම් පුරන ලොවීනාය.
ඇය බලා සිටියාය. තව තවත් බලා සිටියාය. ඈත මානා පදුරු අතරින් ඔහු මතු වේ යැයි, මුහුදු රළ දෙබෑ කරගෙන ඔහු ඒවි යැයි ඇය බලා සිටියාය.එහෙත් දවස කෙමෙන් ගෙවී ගිය නමුත් ඇගේ ඇස් මානයට ඔහු පැමිණියේ නැත.
ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවයේ සිට ලොවීනා නැවත මෙසේ කැටි කොට කියවමි.
පුන්නා නරේන්ද්‍රසිංහගේ රාජ අණසකට යටත් වූවාය. පිංචී බල,ධන ආශාවෙන් අපොන්සුවාට බැදුණාය. ලොවීනා උතියාට ආදරය කරමින් මේට්ලන්ඞ් ආණුඩුකාරවරයාගේ සයනයේ හැගීම් විරහිතව සැතපුණාය. පාලන බලය මෙලෙස හරි අපූරුවට ස්ත‍්‍රිය යටපත් කර ඇත. එදා මෙන්ම අදත් පාලකාට නොහැක්කේ එක් දෙයක් පමණි.එය අමුතුවෙන් කිව යුතුද? ඒ ගැහැණියෙකු පිරිමියෙකු බවට පත් කිරීමයි.
කෘතියේ සමස්ථය මාගේ තේමාවට අනුව මෙසේ කැටි කොට දක්වමි. පුන්නා,පිංචී,ලොවීනා, ප‍්‍රමිලා ඇතුලූ සියලූ අන්තපුර ස්ත‍්‍රීන් සියල්ලගේම ඉරණම විසදී ඇත්තේ පිරිමියාගේ ලිංගික වුවමනා ලිංගික අවශ්‍යතා මත පදනම්ව ස්ත‍්‍රිය ලිංගික වහලියක්ය යන පදනම මත සිටයි.
මෙම විචාරයට මෙසේ පසුවදනක් තබමි. පිරිමියා විසින් කාන්තාව පීඩනයට ලක් කිරීම සමාජ ඉතිහාසය පුරාවටම ගලාගෙන එන කතාන්දරයකි. මෙයට කිසිම භේදයක් නැත. තමන්ගේම පන්තියේ අය,විටෙක ඉහළ පැලැන්තියේ අය,තවත් විටෙක රාජ්‍ය පාලකයින් අතින්ද බිළිදිය, දියණීය,තරුණිය,ගැහැණිය,මව වන ඇය පීඩනයට ලක් වෙයි. පෙර කී සේම පුන්නා, පුන්නී,පිංචී, ලොවීනා,ප‍්‍රමිලා ඇතුලූ සියලූම ස්ත‍්‍රීන් මෙම පීඩනයට යටත් වූවන්ය. ඇය ලත් පීඩනය කෙසේ වුව ලොවීනාහි එන ස්ත‍්‍රිය එය ඉවසන්නේ ගැහැණුන් ඉපිද ඇත්තේ පිරිමින් වෙනුවෙන් යනුවෙන් සිතමිනුයි. මෙය පුදුමයටත් හාස්‍යයටත් කරුණක් වුවත් අදටත් සිදු වන්නේ මෙයයි.
ලොවීනා එන ස්ත‍්‍රී අ`ග පස`ග වර්ණනා පිළිබ`දවද කෙටි හෝ සටහනක් තැබිය යුතුය. නවකතාකරු ස්ත‍්‍රියගේ ලිංගිකත්වය අලෙවිකරනවාද? මාගේ් දෘෂ්ටිය අනුව එය සාපේක්ෂයය.රොඞී කතගේ නිරුවත් පියයුරු විටෙක ඔහු හුවා දක්්වයි. එය බොහෝ විට සිදුව ඇත්තේ අවශ්‍යතාවය අවධාරණය කිරීම මතයි. එසේම ගැහැණු උඩුකය නිරුවත දණහිසෙන් උඩට වන විලි වැස්ම ඔවුන්ට හිමි ඇදුම ලෙස එය සාමාණ්‍යකරණය වීමම ස්ත‍්‍රිය ලිංගික භාණ්ඩයක් කර නොගන්නා බව සිතීමට හේතු සපයයි. කෙසේ වෙතත් ස්ත‍්‍රියගේ පියයුරුත්, ඇගේ ශරීරයත් ,ලිංගික රමණයත් ගෙන ලොවීනා රස විදින්නෙකුට මෙය ලිංගික නව කතාවක් ලෙස අර්ථ දැක්විය හැකි වුවත් ලොවීනා හි ඇත්තේ ලිංගිකත්වය නොවේ. අතිශය ගැඹුරු සන්දර්භයකි. මෙලෙස ලොවීනා හි එන ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවයේ වටපිටාව කියවීමත් එහි එකිතරා පැතිකඩක් පමණකි.