අද ඇත්තේ
කාන්තාවට ගරු කරන සමාජයක්ද?
තෙල්ද මල්ද දෝත
දරන්..
හද බැතියෙන් දොහොත් තියන්..
පිරිමි පුතෙක් ඉල්ලුවෙ මං දේවතාවුනේ..
හද බැතියෙන් දොහොත් තියන්..
පිරිමි පුතෙක් ඉල්ලුවෙ මං දේවතාවුනේ..
මව තම කුසෙහි
බදින පුංචි කැදැල්ලක දාරක ස්නේහයේ උරුමයකට සිතුවම් අදින්නීය.තමන් අදහන ආගමට,දෙවි
දෙවතාවුන්ට පුද පුජා තබන ඇය දරුවෙකු වෙනුවෙන් පෙරුම්දන් පුරන්නීය.ගැහැනිය ඇය තම
කුස බැදි මංගල කැදැල්ලේ පුත් රුවනකගේ උප්පත්තිය වෙනුවෙන් සැරසී සිටින්නීය.බිළිදියක්
ලෙසින් උපන් මුහුකුරා ගිය ගැහැනිය මවක් වන දා පළමු දරු උපතේදී පුතකු පැතීම
ආශ්චර්යයක්ද?පුදුම විය යුත්තක්ද?බිලිදියකව ඉපදී හැදී වැඩී ළදැරියකව,දැරියකව,තරුණියකව,පතිනියක
වී විවාහක බිරිදක් ලෙස ගැහැනිය ගෙවා දමන දිගු ගමන ගැන ඇය තෘප්තිමත් නොවීද?ඇය
තෘප්තිමත් වීනම් අය්යණ්ඩියක් නැගණියට රැකවරණය වේවි යන්න සිතුවිලි මත පළමුව
පුතකු වැදීම වෙනුවෙන් ඇය පැතුම් නොපතනු ඇත.
කාන්තාවක් වන
ඔබත්,මමත් ජීවත් වන මේ සමාජ සන්දර්භයෙහි පොතක නම් කොට නොලී, නොකීවද ඇත්තේ පුරුෂ
කේන්ද්‍රීය සමාජයක්.ජීව පදාර්ථයන්ට පොදු වූ ලිංගිකමය වෙනස මානන සමාජය තුළ ස්ත්‍රීත්වය,පුරුෂත්වය හරහා වෙනස්කම් ඇතිකර තිබෙනවා.එසේම මානව චින්තනය
තුළ ඔවුනොවුන්ට ආරෝපණය වූ වටිනාකම් නිර්මාණය වී තිබෙනවා.පුරුෂයා ස්ත්‍රියට වඩා වැඩි
වටිනාකමක් ආරෝපණය කරගනිමින් ඇත්තේද එය පවත්වාගනිමින් ස්ත්‍රිය පුරුෂ කේන්ද්‍රය මත
යටපත් කරමින් පවත්නේද ඒ නිසයි.
අපේ රටේ සමාජ
සංස්කෘතිය තුළ කාන්තාව ලැබිය යුතු වරප්‍රසාද ඉහළින්ම භුක්තිවිදින බව අපි අසා
තිබෙනවා.ඈත අතීතයේ ඉදලම සිංහල බෞද්ධ කත සමාජයේ මහ ඉහළින් පිළි ගත්තලු.අදත්
එහෙමලු.මේ කතා ඇත්තක්ද? නැත්නම් වචන වලට සීමා වූ සංස්කෘතික සංකේතීකරණයක්ද?
සැබවින්ම
කොහෙත්ම නැහැ.එදත් අදත් ලංකාවේ පවත්නේ පුරුෂ කේන්ද්‍රීය සමාජයක් විනා ස්ත්‍රියත්
පුරුෂයාත් සමකොට තකන සමාජයක් නොවෙයි.ස්ත්‍රියට හිමිවිය යුතුයැයි කියන සියලු වරප්‍රසාද
ලැබෙන සමාජයකුත් නොවෙයි.
විජය කුමරු
ඇතුළු පිරිස තම්බපණ්නියට ගොඩ බසිද්දි කුවේණියගේ ආධිපත්‍ය මෙහි වූ බව ඉතිහාසයේ
සදහන් වෙනවා.ලංකාවේදී නිර්මල බුදු දහමේ ආනුභාවයෙන් ප්‍රථමයෙන් මාර්ගඵලයන්ට පිවිසෙන්නේ
කාන්තාවක් සේම දොහොත් මුදුන් දී බැතිමතුන්ගේ වන්දනාවට පාත්රවන ජයසිරිමා බෝධින්
වහන්සේ ලංකාවට වඩින්නේද සංඝමිත්තා මෙහෙණියගේ අතේ බව අප අසා තිබෙනවා.සුප්පා දේවිය
මෙන්ම විහාර මහා දේවිය,සෝමා දේවිය,අශෝකමාලා වැනි ඉතිහාසය නිර්මාණය කළ උදාර වීර
කාන්තා චරිත අපේ ඉතිහාසයේ සිටිනවා.
අතීත වර්තමාන
කාල රාසය තුළ මෙවන් කාන්තා චරිත ලංකාවේ අඩු වැඩි වශයෙන් බිහිව තිබෙනවා.එහෙමනම්
ලංකාවේ කාන්තාවට ඒ හරහා තෘප්තිමත්විය හැකි වාතාවරණයක් හෝ ශ්‍රේෂ්ඨත්වයක් නිර්මාණය
වී තිබෙනවාද?නැත්නම් පුරුෂ ශ්‍රේෂ්ටත්වයට සම වූ නියෝජනයක් ලැබී තිබෙනවාද?යථාර්ථය
වන්නේ නැත යන කෙටි පිළිතුරයි.
ස්ත්‍රියට ගරු කරන්නේයැයි
නන් දොඩන අපේ සංස්කෘතියේදී පුරුෂයාගේ ආධිපත්‍ය ඔස්සේ ස්ත්‍රියගේ ශ්‍රේෂ්ටත්වය
යටපත් වීමත් ඇයට එරෙහි ප්රචණ්ඩත්වය රුදුරු ලෙස වර්ධනය වීමත් කාන්තාවන්ම හඩනගා
නිරවුල්කොට ගත යුතු ගැටලුවක් බවට අද පත්වෙලා.
නීතියෙන්
පිරිමියෙකුට සින්නක්කර වන ගැහැනිය පුරුෂ මූලීක පවුල් පරිසරයේදී නිහඩවම පවුලේ බරින්
හරි අඩකටත් වඩා දරන්නියක් බවට පත්වෙලා.ඔබේ මව දෙස බලන්න,ඔබ බිරිදක්නම් ඔබ ඔබ ගැනම
සිතන්න.පවුලේ ආදායම් උපයන්නා පියා නැතිනම් ඔබේ සැමියා වුවද සැමට පළමුව අවදි වී
අන්තිමට නින්දට ඔබ දවස පුරා එක් කරන්නේ නිවසට වත්කම් එක් කිරීමක්.මූල්‍යයමය වශයෙන්
තක්සේරු කළ නොහැකි සේවයක් කාන්තාවකගෙන් පවුලකට සිදුවන බව සැගවුණු සත්‍යයක්.මෙලෙස
පවුල් පරිසරයේදී පුරුෂයාට සමවන සහ ඔහුගේ ශක්තිය වන ගැහැනිය පිරිමියාගේ සින්නක්කර
වහලිය නොවෙයි.
ඇති වන පවුල්
ආරවුල් වලදී ගැහැනිය පහර කෑමට ලක්විය යුතුය.ශාරීරික හිරිහැරයන්ට පත්විය
යුතුය.මානසික වද වේදනාවන්ට ලක්විය යුතුය.නමුත් එය අපරාධයක් ලෙස නොසැළකෙන අතිශය සරල
සිද්ධියක් ලෙස සමාජය දැකිය යුතුය.මන්ද ඒ ප්රචණ්ඩත්වය නිර්මාණය වන්නේ නීත්‍යානුකූල
ස්වාමිපුරුෂයා අතින් වීම නිසාවෙන්.අද අපේ සමාජ සංස්කෘතිය හැඩගැසී ඇත්තේ
මෙලෙසයි.එනිසාම මේ සියල්ල විද දරා ගැනීම ඇගේ වගකීමයි.මෙය නිවැරදිද?
පවුල්
පරිසරයේදී සර්ව සම්පූර්ණ අයිතිවාසිකම් භුක්ති විදීමේ වරප්‍රසාද අහිමි කත භාහිර
සමාජයේදී අනාරක්ෂිත වීම පුදුමයක් නොවෙයි.මග තොටේදී, සේවා ස්ථානයේදී පිරිමින්ගේ
විවිධ අතවරයන්ට ලක්වන කාන්තාවන් පවත්නා සාම්ප්‍රදායික සංස්කෘතික ප්රපංචයන් හමුවේ
නිහඩවම සියල්ල ඉවසා ගන්නවා.තම සහෝදරයන්,පියවරුන්,මුත්තනුවන් අතින් දූෂණයවන
දියණිවරුන් සමාජ ගැරහුම් හමුවේ අවජාතක දරුවන් බිහි කරනවා.නැතිනම් ජීවිතයෙන් වන්දි
ගෙවනවා.
ස්ත්‍රී
දූෂණයක්,අතවරයක් පසුපස පවත්වන මාධ්‍ය සන්දර්ශන එවන් තත්වයකට පත්වන කාන්තාවකගේ
මානසිකත්වය තව දුරටත් විකෘති කරනවා.එසේම පුරුෂ පෞර්ෂයද,කාන්තාවගේ නිරුවතද යොදා
ගනිමින් සිදුකරන නිර්මාණ කාන්තා හිංසනයට සිදු කරන්නේ පෙළඹවීමක්.
සුදු පිරුවටක්
මත තරුණියකගේ පාරිශුද්ධිය සොයන අපේ තරුණයන්ට තමන්ගේ ශුද්ධිය කෙලෙසන්නේ ගණිකා මඩමක නැතිනම්
අනියම් කම් සුවයක බව අමතක වෙලා.සැබවින්ම කාන්තාව පතිවත රැකිය යුතුයි. එසේම එයට වන
ගරුත්වය විය යුත්තේ බල්ලා මෙන්ම කොල්ලාද නහවා ගෙට ගත් කළ පිරිසිදු යැයි සිතා
කටයුතු කිරීමනම් නොවෙයි.ගණිකාවක් දෙසට ඇගිල්ල දිගු කිරීමේදී විරුද්ධ පසට හැරෙන
සිව් ඇගිලි ඇය බිහිකරන පුරුෂ සමාජය වෙත එල්ලවන බව සිහිතබා ගත යුතුයි.
නූතන තාක්ෂණයේ
දියුණුවත්,සන්නිවේදනයේ ප්රගමනයත් සමගම වත්මන් ගැහැණිය පිරිමියාට අභියෝගයක්වන තරමට
දක්ෂතා වලින් පරිපූර්ණ වුවත් ඇයට ලැබිය යුතු ගරුත්වය සමාජයෙන් හිමි වී නැහැ.
කාන්තා ශ්‍රමය
ශ්‍රී ලංකාවේ ආරථික ශක්තියේ ප්‍රබල ක්‍රියාවලියක් වුවත් ඇයට සිදුවන හිංසනයට නිසි
පරිදි මැදිහත් වීමක් හෝ එහි අඩුවක් දක්නට නොලැබීම කණගාටුවක්.
ගෘහයක සියලු
භාරධූර කාර්යයන් දරන කාන්තාව වටිනාකමක් ආරෝපණය කර ගන්නේ මාතෘත්වය ලැබීමෙන් පමණයි.ඒ
නිසයි සරු කතක් වේවා යන පැතුමක් සෑම තරුණියකගේ සිතකම පවතින්නේ.සැබවින්ම
මාතෘත්වය කාන්තාව ලැබූ විශ්මිත දේව ප්රාතිහාර්යයක්.පියා සිටින නිවසෙහි මතු බුදුවන
වරම ලැබීමට කාන්තාව සමත්වන එකම සුදුසුකම වන්නේ මාතෘත්වයයි.
පුරුෂයාට කල
නොහැකි රක්ත රුධිරය දාරක ස්නේහය නිසාම ධවල ක්ෂීරයෙන් නහවන කාන්තාව තම සැමියා
වෙනුවෙන්ද සමාජ උන්නතිය වෙනුවෙන්ද මනු සත්වයකුට කළ හැකි උතුම් පින්කමක් සිදු
කරනවා.පිරිමියෙකුට කල නොහාකි කැපකිරීම්,වේදනා විදිය හැකි කාන්තාවට පුරුෂ මූලික
සමාජය පිදිය යුත්තේ දෙවැනි කොට සලකා නොවෙයි.
තමන් සේවනය කල
ස්ත්‍රිය යහන මත තවත් අභිසරුලියක් නොකොට තම බිරිද සම්පතක් ලෙස සලකන සැමියෙකු බිහි
වීම කාන්තා හිංසනය ප්රචණ්ඩත්වය නොමැති ගැහැනියට තෘප්තිමත් විය හැකි හෙටක් ලබා
දීමේ මූලික පියවරයි.එවිට ඔබේම දියණිය,නැගණිය,සොහොයුරිය සුරක්ෂිත හෙටක් වෙනුවෙන්
සුභ සිහින දැකීම එතනින් ආරම්භ වේවි.
සටහන-සාගරී
අමරසිංහ
hariyatama hari
ReplyDeletegood work digatama karagena yanna.......
ReplyDeletethanks dr
ReplyDeletewell done sis, i'm delighted to read this article,it has lot of things which u wish to tell the society
ReplyDeletethanks all. ur encourage's most important me
ReplyDelete