ඉංජිනේරු
මහත්තයා
හද්ද පිටිසර
ඈත ගං වල ඉදල ටිකක් හොදට ඉගෙන ගත්ත ගැටිස්සියෝ ගැටව් කොළඹ රටට රස්සා හොයාගෙන එනවා.
කොළඹ රටේ
විවිධාකාරයේ රස්සා තියෙනවානේ. මොකද ඒක අපේ රාජ්ජේ අගනුවර වෙච්චි කොට.ඒ රස්සා වලින්
හරි හමන් විදිහට හරි නීති විරෝධී විදිහට හරි අතමිට මොලව ගන්න් පුදුවන්.ටික
කාලෙකින් කොළඹ ගමට වඩා හුරු පුරුදු තැනක් කරගන්න අපේ ගමේ කෙල්ල කොල්ල මොන රස්සාව
කළත් ගමට එක්නෙ මහ උජාරුවට.
ගමේ උන්දැලත්
කට ඇරගෙන බලාගෙන ඉන්නවා මේ බේගල් දිහා.කොළඹ ගිය කොල්ලො කෙල්ලො වීදුරු වලින් වටවුණු
සීතල කාමර වල ලොකු පුටුවක ඉදගෙන කැරකි කැරකි වැඩ කරව හැටි කෙරෙන වර්ණනාව.උන්ගෙ
අම්මලාටත් ඉස් පාසුවක් නෑ ගමේ යසවතීලාට, මැගීලට,සීලාවතීලට තොරතෝංචියක් නැතුව
පුතාගෙ ඔෆිසිය ගැන වරුණා කරන්න.
ඒ කොහොමින්
වුනත් වර්ණනාවේ තිත්ත ඇත්ත දන්නෙ තමන් හම්බ කළේ කොහොමද කියලා දන්න අර කොළඹ රටට
ගිහින් වැඩ කරන වැනුම් කාරයා විතරයි.හැබැයි ආයෙමත් දවසක අලුතෙන් ගමේ ගැටයෙක් කොළඹ
රටට ආවොත් ගමට දෙඩුව බේගල් එළි වෙනවා.එතකොට සිදු වෙන්නෙ දෙන්නටම එකම බෝට්ටුවට
නගින්න. මෙන්න මේ වගේ වැඩ වෙන්න පුලුවන් එතකොට.
කලිසන් කෝට්
ඇද
ටයි පටිය තද
කරන
ඉන්ජිනේරු
මහත්තයා
පාලම පහු කරන්
යන........
උඹට බැරිවුණා
නොවැ
අම්මගෙන් මට
බැණුම්..........
රස්සාවක්
හොයාගෙන
තැත් ගැහෙන
වැඩ බිමක
හිටිය මං නෙත්
යොමන්
තාච්චියක්
අතින් ගෙන
එහෙට යන මෙහෙට
යන
හුරු පුරුදු
තරැණයෙක්
දෙතුන් විට
දිටිමි මං...........
කිට්ටුකර බැලූ
විට
උඩ ගියා මගේ
ඇස්
සැගවුණා මං
හොරෙන්
ගමට ඇයි බොරු
බොලං
උඹ ඉංජිනේරු
මහත්තයෙක්.........
සාගරිකා අමරසිංහ
nice.......
ReplyDelete