university

Tuesday, June 30, 2015

අපේ පොඩි හාමුදුරුවෝ සිවුරු ඇරලා....

කරන්න යන්නෙ වැරැද්දක්ද මන්දා.ඒ හින්දා මෙහෙම කියලම පටන් ගන්නම්කො.බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඇප කැප වෙන හාමුදුරුවනේ ඔබ වහන්සේලාට නමස්කාර වේවා.මගේ කවි සිතුවිල්ල පවක්නම් කමා වේවා.

දෙමව්පියන් දරුවන්ට අපිරිමිත ලෙස ආදරය කරනවා.කොහොම උනත් සමහරක් අම්මලා තාත්තලා නැති බැරිකම හින්දම තමන්ගෙ දරුවන් දුකින් මුදවන්න බුද්ධ ශාසනයට පූජා කරනවා.එහෙමත් නැත්තන් අපල උපද්‍රව මග අරවා ගන්න.නැත්තන් හදාගන්න බැරි තරම් චණ්ඩි ළමයි හදාගන්න කියලා බුද්ධ පුත්‍රයන් ලෙස පුතුන් සසුන්ගත කරන අම්මලා තාත්තලා ඉන්නවා. මේ අතරෙ දරුවන්ගෙ බරෙන් නිදහස් වෙලා තමන්ගෙ නිදහස සොයා ගන්න  දරුවව පිරිවෙනකට දෙන අම්මලා තාත්තලාත් ඉන්නවා.

මේ විදිහට පොඩි කාලෙම කැමැත්තෙන් නැත්තන් සසර කලකිරීමෙන් හරි සද්ධර්මයේ චිරස්ථිතිය වෙනුවෙන් සසුන්ගත වෙන පොඩි සාදුලානම් අල්පයි.

කොහොම වුණත් පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ අවවාද අනුසාසනා යටතේ බණ දහම් ප්‍රගුණ කරලා හැදියාව හික්මීම ධර්මයට ලැදියාවෙන් බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙන් මහණ දම් පුරන පොඩි හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්නවා.

අපි හැමෝම වගේ පොඩි හාමුදුරුවොත් පෘතග්ජනයි.පුංචි සන්දියේ අම්මගෙ කැමැත්තට සිවුර පොරව ගත්තට දරුවෙක් විදිහට නැත්තන් තරුණයෙක් විදිහට මුහුකුරා එනකොට සංයමයෙන් ලොකු හාමුදුරුවො හදපු හිත දගකාර සිතුවිලි වලට යටපත් වෙන්න පුලුවන්.

හෙමි හෙමින් තරුණකම චීවරය වටා පැටලෙද්දි පෘතග්ජන සිතකට තම සම වයස් තරුණයන්ට තියෙන හැගීම් දැනීම් ඇතිවෙන්න ඉඩක් නැද්ද? ඒ දගකාර තරුණකම එක්ක කෙළිලොල් යෞවනයෙක් වෙන්න ආදරය රාගය වගේ හැගීම් එක්ක සිතට ඔද්දල් වෙන්න ඉඩක් නැද්ද?

නෑ අපේ පොඩි හාමුදුරුවනේ. ඒක මහා පවක්. බුදු දහම සංයමයෙන් ඉගෙන ගත්ත ඔබ වහන්සේ ලොකු හාමුදුරුවන්ගෙ පාරෙ යන්න උන්වහන්සෙ හුරු කළා.බොහොම අමාරුවෙන් හරි දගකාර ළමා කාළය සිවුරු පොටට කොටු කළා.ඔබ වහන්සේට ඒක දඩුවමක් වෙන්නත් ඇති.මොකද ඔබ වහන්සෙ අම්මගෙ තාත්තගෙ කැමැත්තෙන් බුද්ධ ශාසනයට පුජා කරපු දාන වස්තුවක් වුණු නිසා.


සමාජය වැරදි දකීවි, දායකාරකාදීන් බැණ වදීවී ඔබ වහන්සේට තරුණ සිත තවදුරටත් චීවරයෙන් වසා ගන්න බැරි වුණු දවසක.ඔබ වහන්සේට අම්ම තාත්තගෙන්, වැඩිහිටියන්ගෙන් වැදුම් ගත්තාට පව් තමයි.බැණ වදින්න පුලුවන්ද ඇත්තටම අපිට හීරලුවෙකුයි කියා ඔබ සිවුරුපට ඉනුවාට ඔබ බුදු පුතෙක් වුණේ නොදරුවෙක් ලෙස නිසා මා පියන්ගේ කැමැත්තට.

චීවරය වසාගෙන පව් කරනවාට වඩා එය පිනක් රකින්න බැරි සිල් බිද පැවිද්දෙන් නික්ම ගිය කළ.පොඩි හාමුදුරුවනේ මිනිසු අපි පෘතග්ජනයි.
(මේ වගේ සිවුරු අරින තරුණ හාමුදුරු කෙනෙක් ගැන මේ )

තඹර පෙති තඹර විල
නිල් දියේ පාව යන
දවා සිත කෙලෙස් සුව
රාග ගිණි අවුලුවා.......

බණ පොතට නෙත යොමා
පෙරූ දම් මහනකම
කැළඹෙනා අශාව
සිතේ සිල් බිදිනවා......

රාගයේ සළු පටට
අත වසා රැක ගත්තු
සංවරවු තුන්දොරම
හෙමි හෙමින් මිදෙනවා......

විලපුරා පාව යන
තඹරපෙති අතවනා
පින් බිමෙන් නික්මෙන්න
සිතට වද කරනා.......

පෙරදාක නොසිතුලෙස
සිතෙහි ඇදි කාමරුව
බුදුපුදට නොකියාම
සිවුරුපට උනනවා.......


සාගරිකා අමරසිංහ


4 comments: