කෙල්ලනේ අපි සූදානම් වෙන්නෙ මංගල සභාවෙ විත්ති කූඩුවට නගින්න
උඹලට මතකද ගමේ සිරියලතා අක්කගෙ සිරිසෝම අය්යගෙ මංගල්ලෙ ජයට කාපු අතීතෙ. පොල් ක`දන් දෙකක ලණු පොටකින් එල්ලිලා ලෙළදුන්නු සිංහ කොඩිය, ශ‍්‍රී සුභ මංගලම් කියල ගොක් කොළ වලින් හදල තිබුණු මගුල් තොරණ, මනමාල ජෝඩුව කාර් එකෙන් බහිද්්දි පට පට ඩෝං ගාල පත්තු කරපු රතිඤ්ඤා සද්දෙ, ගමට ආපු අලූත් මනමාලි දැවැද්දත් එක්ක ගෙනාපු කැවුම්,කොකිස්,ආස්මී ගමේ හැම ගෙදරකම පෑලදොරින් කෑම මේසෙට රිංලපු හැටි.ඒ අපිට මතක අතීතේ ගමේ ජයට ගත්ත මංගල්ලෙක උජාරුව.
අද මංගල උත්සවය හැම දේකින්ම වෙනස් වෙලා. හරබර වචනෙන්ම කියනවනම් විවාහ සංස්කෘතිය නවීකරණය වෙලා. නෑ... විවාහ උත්සවය බටහිරකරණය වෙලා.
මේ සාදෙ ඇතුළෙ මංගල පෝරුව, අෂ්ටක ගායනා වල ඉදන් හැම දෙයක්ම සංස්කෘතියත් එක්ක සාම්ප‍්‍රදායිකත්වයට බායි කියලා හැල්මෙ දිව්වට එක දෙයක් තව එතනමයි. අපිට එතනදි බටහිරකරණය වෙන්න බැරි වෙලා.
මොකක්ද මේ වෙනස් නොවුණු එකම දේ. අපි අහල තියෙනවා මංගල්ලෙ දෙවෙනි දවසෙදි බුලත් තට්ටුවේ බුලත් හරි පැත්ත තියලා කෑම මේසෙ කොණ්ඩ බැදගෙන හිනා වෙන කොණ්ඩ කැවුම් වලින් සංකේතවත් කරපු දෙයක් තිබුණු විත්තිය. ඒ කොණ්ඩ කැවුමෙ කොණ්ඩෙ කැඩුනනම්, බුලත් තටුටුවේ බුලත් කණපිට පෙරලූනානම් මොකක්ද සිද්ධිය කියලා අපි අහල තියෙනවා.
විවෘතව කතා කරමු. මේ අපේ තරුණ කාලෙ.මේ වෙන මොනවත් නෙවෙයි මනමාලිගෙ කන්‍යභාව සමීක්ෂණය.
කෙල්ලනේ අපි හිතාගෙන ඉන්නවා කැවුමෙ කොණ්ඩෙ කඩන, බුලත් කණපිට හැරවෙන සංස්්කෘතියක් අද මංගල රාත‍්‍රියට අදාළ නෑ කියලා. සාමිප‍්‍රදායිකත්වයට බායි කියලා කොණ්ඩ කැවුම්, බුලත් හෙප්පු හැල්මෙ දුවන්න සෙට් වෙලා කියලා.එහෙනම් උඹලට වැරදිලා.
හා... බුලත් හෙපුපු, කොණ්ඩ කැවුම් හැල්මෙ දිව්ව කියලා හිතමුකෝ. ඒත් උඹේ කොල්ලවත්,නැන්දම්මවත් හැල්මෙ දුවලා නෑ. උන් දුවන්නෙත් නෑ. අපි කොච්චර නවීකරණය වෙලා කියලා හිතුවත් තාමත් අපේ හිත්වල සාම්ප‍්‍රදායිකත්වය රොද බැදගෙන ඉන්නවා. ආදරේට පළවෙනි තැන දෙන්න කලින් හැම කොල්ලම මංගල දවසෙ රෑ රතු තරු දකින්න බලාපොරොත්තු වෙනවා.මේ එංගලන්තෙවත් ඇමරිකාවවත් නෙවෙයි.මේ ලංකාව.කොල්ලෙක් කෙල්ලක් එක්ක ලිංගිකව එක් වෙන්න නීතියෙන් ලයිසන් ගත්ත දවසෙ පිරිමියා පවත්වන පරීක්ෂණයෙන් ස්ත‍්‍රිය කන්‍යාවියක් ලෙස සමත් විය යුතුමයි.
මංගල්ලෙ කොච්චර නවීකරණය උනත් මනාලිගෙ ඇදුම් මල්ලට නැන්දම්ම සුදු රෙද්දක් ඔබන්නෙ මොන කෙහෙල් මලකටද? පුතාට කටින් නොකිව්වට අම්මයි පුතයි දෙන්නම එකතු වෙලා එක දත්තදායිකාවක් සමීක්ෂණය කරන්න එදාට අර අදිනවා.කොයි දේ කොහොම උනත් සියයට 80ක තරම් කොල්ලො කෙල්ලගෙ කන්‍යභාවය බලාපොරොත්තු වෙන සමාජයකයි අපි පය ගහලා ඉන්නෙ.
ඇටෙන් පොත්තෙන් එළියට ඇවිත් තරුණකම අත වනනකොට සමහරු හිතන්නෙ අපි තරම් එවුන් නෑ කියලා.ඒ හින්ද සමහරක් දේවල් වලදි කළ යුතු කාලෙට කලින් කරන්න ඕනි දේවල් කරගෙන ඉවරයි.මේ නොතේරුම්කමද? මෝඩකමද?ඉන්නබැරි කමද?මේක ප‍්‍රශ්නයක්.
තරුණ හිත් ආදරේ නොකළ යුතුයි කියලා නෙවෙයි මම කියන්නෙ.ආදරේ කරපල්ලා. කොල්ලෙක් එක්ක යාලූවුණ පලියට අතේ එල්ලිලා හෝටල් කාමර වල ගිහින් ජීවිගේ වටිනා කියන සබ්බ සකල මනාවම පූජා නොකර හිටපල්ලා. අපිට කෝ ලයිසන්?? තරුණ කාලෙ තව දිගයි.
කෙල්ලගෙ මල්වර මංගල්ලෙ දවසෙ අම්ම කිව්වෙ ”උඹ දැන් ළමිස්සියෙක් පරිස්සම් වෙයං” කියලා. ”කොල්ලා බල්ල වගේ දඩාවතේ ගිහින් ආවත් නාවලා ගෙට ගන්න පුලූවන් වුණාට උඹට බෑ දුවේ එහෙම පිරිසුදු වෙන්න” කියලා.අම්ම මෙහෙම කිවිවෙ කට කහනවටද? නෑ අම්මලා දැනන් උන්න 21 වෙනි සියවසෙත් ගැහැණිය කිරා මණින මිනුම් ගැන.
වීදුරුවකට ගැහුවොත් කෑලි කෑලි වට කැඩිල යයි. වරදින්න යන්නෙ පොඩි වෙලාවයි. වෑල්ඩින් කරල පැලැස්තර දාගෙන පිරිසිදු එකියක් වෙන්න මට, උඹලට බෑ.තර්ක කරන්න පු`ථවන් අද තාක්ෂණය,වෛද්‍ය විද්‍යාව දියුණුයි කියලා. ඒත් ලංකාවෙ බහුතරය තාමත් ධනපති පන්තියේ නෙවෙයි කියන විත්තිය අපි දන්නවා.
ආදරේ අන්ධයිලූනේ.ඒත් අපි අන්ධ වෙලා කොහොමද? ”ඔයාට මාව විශ්වාස නැද්ද” කියන ආදර වන්තයගෙ වචනෙදි හැගීම් වලට වහල් වෙලා ”මට ඔයාව විශ්වාසයි රත්තරං” කියලා පූජාසනේකදි පූජා කරන්න ඉන්න උඹේ වටිනාකම රුඃ1500ක කාමරේකදි නැති කරගන්න පු`ථවන්ද? ඒ දියාරුවෙලා යන්නෙ උඹේ වටිනාකම.
උඹව හෝටල් කාමරේදි වෙසගනක් කරගන්න කොල්ලට මංගල්ලෙ කියන නඩු තීන්දුවේ විත්ති කූඩෙට නගින්න බැරිවුණොත් උඹට යන්න වෙන්නෙ කුලගෙයකට නෙවෙයි.සිපිරි ගෙයකට.එදාට වෑල්ඩින් කරල පැලැස්තර දාගෙන පිරිසිදු එකියක් වෙන්න මට, උඹලට බෑ.
මොකද හැම ආදර කතාවක්ම විවාහයෙන් කෙළවර වෙන්නෙත් නෑනේ.ඒ හින්ද කොල්ලනේ කෙල්ලනේ ආදර කතාව රමණයෙන් කෙළවර කරන්න හොද නෑ නේද?අසරණ වෙන්නෙ කෙල්ල විතරයි.
සාගරිකා අමරසිංහ
මෙක තමයි සදාරන ඇත්ත.එහෙත් බහුතරයක් එවුන් එක පිලිගන්න කැමති නැ.අද කොල්ලා කියන්නේ සමාජයෙ එකාදිපති නොවිය යුතුයි.ඔයත් මාත් අද ජිවත් වන්නේ 21 වන සියවසේ. කොල්ලා බහුතරයක් හිතන්නේ බදින්න කලින් හැමදේම කරන්න ඔනෙ කියලා ,හැබැයි අන්තිමට උන් හොයන්නෙ ඔයා කියනවා වගේ පිරිසිදු කෙල්ලක් විතරයි.එදාට කෙල්ලක් වෙච්ච ඔයා ද වැරදි කොල්ලා වෙච්ච මන්ද වැරදි ?මෙක තමයි අන්තිමට ඉතිරි වෙන ප්‍රශ්නය.
ReplyDeleteසමාජ යතාර්ථය ගැන කතා එකට මන් කැමති.