university

Tuesday, August 25, 2015


මේ තීන්දුව දුන්නෙ අපිමයි......
 
 
 
දියවන්නාව කටුක ගිම්හානයක රැස් කාකා වස්සානයක් ඒදෝයි නිල් අහසට හිස් බැලූම් ලූයේය. ජනවාරි මුල් කාර්තුවේ දියත ඉහත්තාවේ ද`ථ ලන්නට වලි කෑ අතු කිණිති ගිම්හානය උහුලන්න බැරුව බැට කද්දී වසන්තයක් අද හෙටම ඒයැයි දියවන්නාව රැළි ලලා සුසුම් ලූයේය. ගෙවී යන දින සියය ඉක්ම දින එක දෙක එක් වෙද්දී පොරොන්දු පත‍්‍ර නිල් අහසට වනා සමහරුනම් කලින්ම දියවන්නාවට පැන ගත්හ.

 
ජබෝං..............

එකා දෙන්නා පිහිනමින් සිටි දියවන්නාව කලතමින් රොත්ත බුරුත්ත එක පොදියට ජූනි 23වනදා දියවන්නාවට පැන ගත්හ.
ඔන්න අපේ උන්ගේ ඇස් වලට පාට පාට කණ්නාඩි වැටුණි.උන් දියවන්නාවේ දියබුං ගහමින් එතෙර පිහිනන නඩයට සාධුකාරද,ගල්මුල්ද හෙළමින් වැව් ඉහත්තාවේ දණ ඇනගෙන කොළ, නිල් ,රතු නේක වර්ණ වලින් සායම් ගැල්වූහ.

දේශපාලන සටන් පාඨ දියවන්නා රළ කලතා හෑමූ සුළග සම`ග දසත විසිර ගියේය. ස්විමින් කිට් ඇදගත් රෝසිලා,හිරුණීලා,නිරූපමලා,සමන්තිකාලා, තලතලා,පවිත‍්‍රලා ඇතු`ථ කතුන් 556ක් දියවන්නා දිය දෙදදරවා බුං හඩ ලූයේ සුපුරුදු කාන්තා විමුක්තියද කර පින්නාගෙන කොහොමින් හෝ දියවන්නාවේ එතෙර වන නඩයට එක් වන්නටය.

වෙනදාටත් වඩා ඇස් බලියාගෙන අපි බලා සිටියෙමු.කොහොමින් කිව්වත් තවමත් පුරුෂයා අධිපති වන සමාජ ක‍්‍රමයක අපට අපේ තැන රැුගෙන දෙන්නට රළ පෙළ සම`ග පොර බදින කතුන් දෙස අපි බලා සිටියෙමු.

මන්ත‍්‍රී අසුන හිමි තැන කාන්තා විමුක්තිය අසුනේ කකුල් හතරට චර චර ගා කුඩු පට්ටම් වනු දැක තිබුණද දියකෙළියේ බමන හඩට කන් දීගෙන මෙවරවත් දිය කෙළියෙන් එගොඩවන කතුන් හතරෙන් පංගුව දකිනු අටියෙන් අපි බලා සිටියෙමු.

ඉදින් අවසන.....

තරුණ කෙල්ලන්,ගැහැණුන්,වැන්දඹුවන්,මව්වරුන් වෙනුවෙන් අපිට හිමි තැන ඉල්ලා මැති සබේ අසුන් ගන්නට සිටි උදවියට අසුන් 11ක් යාන්තමින් රැුකගෙන පින් පොතින්ද එක් අසුනක් ගෙන ගිය වර මැති සබේ හිමි තැනද අහිමි කරගෙන දියවන්නා පත්ලෙහි ගිළී මැරෙන්නට සිදු විය.

අපි දණ ඇනගෙන බලා ඉදලා විතරයි.අපි ගැහැණු කමට ගල් මුල් හෙළලා විතරයි,උන්ට දියවන්නාවේම ගිළී මියදෙන්න.ගෑණු අපිත් සාධුකාර තියල තියෙන්නෙ පිරිමින්ට විතරයි.

දැන් පාට කණ්නාඩි ගලවලා පැත්තකට විසිකරල ඇස් පිහදාලා බලපල්ලා. මැතිසබේ 225 දෙනා අතරෙ තෙරපිලා ඉන්න 12 දෙනා දිහා දැන්වත් බලපල්ලා.. මෙන්න ගැහැණු ඉල්ලපු කාන්තා නියෝජනයට මමත්, තොපිත් හාරලා හොයා ගත්ත උත්තරේ.
 
 

මේ තීන්දුව දුන්නෙ අපිමයි.කෙල්ලනේ ”අපි ඉන්නෙ පුරුෂාධිපත්‍ය සමාජයක අපිට  ඕනෙ අපිට හිමි තැන” කියන අපිමයි අපිට හිමි තැනත් අහිමි කරගන්නෙ.මම වැරදි කියලා ගොඩක් අයට හිතෙන්න පු`ථවන්. ලංකාවේ ස්ත‍්‍රියට සම තැන තියෙනවා කියලා තර්ක කරන්නත් පු`ථවන්. නෑ.. එහෙනම් අපි මොකටද ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවයක් ගැන විෂය පද්ධති ඇතුළට හලාගෙන මොළගෙඩි වලට රිංගවන්නෙ.

17 වෙනිදා කෙල්ලො රෝත්ත පිටින් ගියා ඡුන්ද පොළට. මැති ඇමති පුත්තුලාට, අපේක්ෂක ලයිස්තුවේ හිටපු ඇහැට කණට පේන පිරිමින්ට ලස්සනට කතිරයක් ඇන්ද.අපිට අමතක වුණා අපේ දිස්ත‍්‍රික්කෙ හිටපු එක අපේක්ෂිකාවකට හරි මනාපයක් දෙන්න.මොකද කෙල්ලො හිතුනෙ ගෑහැණුන්ට බෑ දේශපාලනය කරන්න කියලා.ගැහැණූ අපිම එහෙම හිතනකොට පිරිමි ගැන මොනවට කියනවද?

ඡුන්ද දායකයො බහුතරය කාන්තාවො වෙද්දිත් ලැජ්ජාවේ බෑ අපි යැව්වෙ 11 දෙනයි පාර්ලිමේන්තුවට.මේක මහ අරුම ගැටලූවකුත් නෙවෙයි. අපේ කෙල්ලො ධනපති සමාජ ක‍්‍රමයක පය ගහගෙන බොරුවට කාන්තා විමුක්තිය ගැන දොඩන නිසා.

සීගිරියේ බලි ඇදි සින්නතම්බිලා, වාරියපොළ කුමාරි හාමිලා, දූෂණයටය ලක්වුණු තරුණියන් මේ සමාජය අමු අමුවේ නිරුවත් කළා.එහෙව් දේ වෙද්දි කෙල්ලෙක් තවල් කෙල්ලෙක් වෙනුවෙන් කටක් ඇරියනම් ඒ කීයෙන් කී දෙනෙක්ද?උන්ට ගහපු ගල් මුල් වැදුනෙ උන්ට විතරක් නෙවෙයි.අපි ගල් ගැහැව්වෙ අපේම උන්ට. වැරදි පැත්තක ඉදන්.

මෙදා පොටෙත් අපි ගල් ගහ ගත්තෙ අපිටමද?තාත්තලා අයියලා විතරක් මැති සබේ හිටියහම ඇතිද?දෝණියැන්දලා බලා ගන්න අම්මලා  ඕනෙ නැද්ද?අම්මලා බොහොම ටිකයි.එයාලටත් දෝණිලා අමතක උනොත්, එයාලටත් ඇහැ,කණ,කට පියාගෙන ඉන්න උනොත්, අපිට යන කළ දවස මොකක්ද?

අපි පාර්ලිමේන්තු යවපු පිරිමි ඇත්තො කාන්තාවො වෙනුවෙන් පෙනී ඉදීවිද? කොහොම මොනව නූනත් කරන්න බැරිවුණත් මැතිසබේ කතුන් කතාවට හරි කාන්තාව ගැන කතා කරයි.

දරුවන්ගෙ කුසගින්න වැඩිපුරම දැනෙන්නෙ අම්මලාට වගේ ගැහැණියක්ගෙ දුක් ගින්න දැනෙන්නෙ තවත් ගැහැණියකටම විත්තිය අපි 17 වෙනිදා අමතක කළා.

දැන් තීන්දු තීරණ අරන් ඉවරයි.දියේ ගිල්ලෝපු උන් ගැන හිත හිතා අපිට පසු තැවෙන්න වෙයිද?
නරුම පිරිමින්ට බිළි වුණු කෙල්ලො ගබ්සාව ඉල්ලගෙන උසාවි යනකොට,
වෙළ`ද කලාපවල දුක් විදින කෙල්ලන්ගෙ වහල් ඛේදවාචකයට,
අපේ කෙල්ලො වහල් සේවයට රට පැටවෙනකොට,
අපේ එකියක්ට ලිංගික අපහරණයක් වෙනකොට

අපේ මනාප අපි වෙනුවෙන් පෙනී ඉදීවිද?
දැනට අපි සුභවාදීව හිතමු. මොකද තාත්තලා දූලට ආදරේ විත්තිය අපි දන්නවා.අය්යලත් නංගිලාට ආදරෙයි. එත්.... අම්මගෙ අඩුව පුරවන්න කාටද පු`ථවන්.
 
සාගරිකා අමරසිංහ.


Monday, August 24, 2015

අරුමෝසම්....
 
 
 
යෞවනෝදයේ නිහඩ බවේ විලංගු බිදගෙන යෞවනත්වයේ කුණාටුවට ගසාගෙන තමන්ගෙ සමාජ ක‍්‍රමයට සංස්කෘතියට පයින් ගහලා ඉගිල්ලෙන්න හැදුවොත් අතරම`ගදි තටු සිදෙන්න බැරි නෑ.මංමුලා වෙන්නත් බැරි නෑ. අපිට අපේ උන් ම`ග ඇරෙන්නත් බැරි නෑ.මොනව කොහොම උනත් අපේ හිත් තරුණයි.වෙනස් වෙන්න අලූත් වෙන්න කැමතියි.පු`ථවන් වෙයිද අපිට අපි ඉන්න සංස්කෘතියට සමාජයට වෙනස් ගමනක තනියෙම යන්න.

අත්තම්ම මහපු මල් මල් චීත්ත ගවුමට හැඩවුණු හුරතල් බොළද කෙල්ලට ආදරය කරපු ආදරවන්තයා හුරුබුහුටි කෙලි පැටික්කි තවත් හැඩ වෙනවා දකින්න ආස කලා.කොල්ලගෙ ඒ ඇ`ගවීම ගැමි කමත් එක්ක පොර බදපු කෙල්ල හිතුවෙ නැති තරමට වෙනස් කරන්න හේතු වුණා.
කොල්ල බලාපොරොත්තු වුණු වෙනස මේක නෙවෙයි. ඔන්න ඒකි තමන්ට හිමි සමාජයට පිටුපාලා උන්ට වඩා අලූත්ම තාලෙට වෙනස් වෙන්න පටන් ගත්තා.

ඉස් ඉස්සෙල්ලාම කළේ අත්තම්මගෙ චීත්ත ගවුමට ආයුබෝවන් කියපු එක.සායෙන් හැට්ටෙන් කලිසමට මාරු වුණා.දණඉහෙන් උඩට ඇගේ ෂේප් එකට සිදාදියේ කඩවල ඩමියට අන්දපු ගවුම් කෑලි අදින්න වුණා.
ළමිස්සියක් වුණ දවසෙ අම්ම දාපු රත්තරන් අරුංගල් මොන කෙහෙල් මලකටද කියලා අරුමෝසම් අරුංගල් කණේ එල්ලා ගත්තා.චේන් පොටක් නැතුව පාලුවට තිබ්බ කරට බුරිය ළ`ගට දිග මාල පොටවල් ඇදුමට ගැළපෙන ගැළපෙන විදිහට වැටුණා.

ෂා උඹේ ලස්සන.... වටේ උන්ගෙ කටේ හය්ය ඒකිගෙ හිත ඔද්දල් කළා. තමන්ට හිමි සමාජයෙන් ඒකිව නුහුරු සමාජයකට හුරු කරන්න ඒකිගෙම පන්තියේ උනුත් උල් පන්දම් නොදුන්නනම් නෙවෙයි.

කැළැල් වසාගෙන වත්සුණුු ඉහුණු මූණට, පරණ පවුඩර් බෙලෙක්කෙ අමතක වුණා. තොල් වසා ගත්ත රතුපාට සායම් සරාගී ඇරයුම් පාද්දි දණඉහ ළ`ගට තිබ්බ කොණ්ඩය ලේයර් කට් එකකට ෂෝට් වුණා.ඒ විතරක්නම් මදැැයි බාට කබල් දෙක විසික් කරලා අගල් දෙකේ අඩි දෙකක් උඩටත් නැග ගත්තා. ළැම,බ`ද,ඉ`ග, නිතඹ හැඬේ බේරෙන්න නුහුරට ඇදුම් අදින්න හුරු වුණු එකීගෙ පුංචි සාය කෑල්ල එන්න එන්නම කොට වෙලා.

අනේ අපොයි ලස්සනයි කියන මිරිගුව හොයාගෙන මහාමේරුව නගිද්දි එකිට ඒකිගෙ පන්තිය,සමාජය,සංස්කෘතිය ම`ග ඇරිලා. ළගින් උන්නු ආදරවන්තයත් මේ විච්චූරණ කරත්තෙ පස්සෙ පන්නලාම හති වැටිලා වෙන මල් මල් චීත්ත ගවුමක එල්ලිලා.

හැබෑට මොකක්ද මේ ලියාගෙන ගිය අපබ‍්‍රංශෙ.නොහොබිනා නොගැළපෙන විදිහට රැුල්ලට ගසාගෙන යන කෙල්ලො ගැන කියන්නයි මෙච්චර වැල් වටාරම් කිව්වෙ.

ගමෙන් සිදාදියට එන්නේ හුරතල් බොළද කෙල්ලක්,ගෙදරින් ටියුෂන් යන්නෙ අම්මගෙ ආදරණීය පුංචි දෝණි,ගමෙන් කැම්පස් යන කෙල්ල ගෙදරින් පිට හුදකලා නොවුණු කෙල්ලෙක්. මෙන්න මුන් ඇහි පිය ගහද්දි වෙනස් වෙනවා.

උන් උන්ට හිමි වුණු සංස්කෘතිය, සමාජය උඩි යටිකුරු කරගෙන උන්ට හිමියි කියලා මවා ගත්ත සමාජයක් හොයාගෙන යන්න හදනවා.උන් පය ගැහැව්වෙ වෙනස් සමාජයකට බව ඇත්ත.ඉතින් ඒ සමාජයේ කොන් නොවී ජීවත් වෙන්න ඉගෙන ගත්තොත් විතරක් මදිද?

ඇදුමෙන් පැළදුමෙන් වෙනස්වෙන සමහර කෙල්ලන්ට  ඕනෙ වෙන්නෙ ඇදුමට හිමි සමාජ පන්තියේ පය ගහන්න. මොකද උන්ගෙ හිත් දන්නනවා ඇග නිර්ධන පන්තියේ වුණාට ඇදුම අයිති ධනපති පන්තියට විත්තිය.නයිට් ක්ලබ් ගානෙ සාජ්ජ දාගෙන විනෝද වෙන්න, අම්ම පෙව්ව කිරිවල සුවද කටෙන් යන්නත් කලින් සංකර වෙලා මදුවිත තොල ගාන්න උන් පෙළඹෙන්නෙ උන් අලුතින් දැක්ක සුකුරුත්තන් ලෝකෙදි උන් විපිරිත්තන් වෙලා නිසා.

කුණාටුව හරිම චණ්ඩයි. ඒක උහුලගත්ත උන්නම් කොහෝම හරි මෙගොඩට පීණුවා.සමහර උන් සැඩ පහර එක්ක පොර බැදුවෙ සැඩ මේච්චල් කරන්න. උන්ට වැරදුනා. ඒ සිදාදියට ආපු ගමේ කෙල්ලො හෝ ගාන පොකුණෙ අතරමංවෙලා. ඒ කෙල්ලො ආස කලේ ලස්සනයි කියන මායාවට සායම් පොවන්න.තමන්ගෙ උන් ගමේ දාලා අලූත් සමාජයක පය ගහලා ගමේ උන්ට මැජික් පෙන්නන්න.


අම්මට කෝ මොනරු දෝණියැන්දගෙ විච්චූරණ ලෝකෙ හැඩ කරන්න.මේක සුපිරි ලෝකයක් අම්මගෙ රුපියල දෙක ගෙදර පරණ පෙට්ටගමට ඔබලා ඒකි බැස්ස ලෝකෙ පැරණිම රස්සාවට.
 අතේ මිටේ මොනරු නටද්දි ධනපති පන්තියේ පුටුවක වාඩි වෙලා මෙන්න බොලේ මේකි සුරසැප විදිනවා. හැමදේම තාවකාලික විත්තිය හාන්කවිසියක් නෑ ඒකිට. දැන් අසරණ එකී කල් ඉකුල් වූ බඩුවක්.
ධනපති පන්තියේ පය ගැහුවට ඒ ඒකිට උරුම පන්තිය නෙවෙයි. අයිති කරගන්න යන හැම දේකදිම ඒකි තනි වෙලා. තමන්ගෙ උන් හැමෝම එක පන්තියක ඉද්දි මට විතරක් බෑ වෙන පන්තියක ඉන්න කියලා තේරුම් ගන්න ඒකිට ඇයි බැරිවුණේ.

අපි වෙනස්වෙමු රැුල්ලට ගසාගෙන ගිහින් අතරමං වෙන්න නෙවෙයි. අපේම කියන පන්තියට, සමාජයට, සංස්කෘතියට ඔබින තාලෙට වෙනස් වෙමු. නැත්තන් අපිට අන්තිමට ඉතිරි වෙන්නෙ අරුමෝසම විතරයි.ඒ අරුමෝසමට යැද යැද ඇතුළට පිරුණු හිස් බව කාලකණ්ණි විදිහට විදවන්න විතරයි.
 

සාගරිකා අමරසිංහ.


Thursday, August 20, 2015

අන්තර්ජාලෙත් එක්ක අපේ උන් බෝධි පූජාවට පේ වෙලා.....


සිල් සුවදයි, මල් සුවදයි ගල් පොත්ත පහළින් පන්සල් භූමියට යන්නත් කළින් දෝරෙ ගලනවා.පුද්මාකාර පින්බර හැගීමක් ඇතිවුණේ. වස් මාස තුනේ සමාරම්භය සනිටුවහන් වුණේ පහුගිය මහේ දෙපෝයෙන් අනිතිමට යෙදුණු පෝය දවසෙ. එදාට පන්සල් යන්න බැරිවුණා. අද අම්මත් එක්ක පන්සලට ගියේ වස් මාස තුනේ පූජා පිංකමට.

පන්සලේ ෂූ..... ගාල සෙනග ඇති.

මම දන්න තරමින් අපේ ගමේ හැමෝම ආගමට ගොඩක් ලැදියි. මම හිතුවෙ එහෙමයි.

සොයිද ආච්චි බෝ ම`ථව අතු ගානවා. තව ආච්චිලා දෙතුන් දෙනෙක් මල් වට්ටිවල මල් අඩුක් කරනවා. අම්මත් එක්ක මාත් එක්කාසු වුණා මල් අඩුක් කරන්න. පිරිමි පුලූටක් පන්සල හරියෙ තවමනම් නෑ. මැදි වියේ නැන්දලා හතර පත් දෙනෙයි , වයසක ආච්චිලා දහ පහළොස් දෙනෙකුයි පන්සලේ හිටියා. කෝ බොලේ අපේ ගමේ තරුණ ගැටව් ගැටිස්සියෝ. 

බෙහෙතකට එකෙක් ගම ආසිරාවෙවත් නෑ. එහෙම වෙන්නෙ කොහොමද? මොකද අපේ ගමේ තරුණ තරුණියෝ තමන් අදහන ආගම ඉහ මුදුනින් පිළිගන්න එවුන් විදිහටයි මම දැනන් උන්නේ.

මුහුණු පොතට එඹිල බලනකොට උන් මහ ඉහළින් ආගම පිළිගන්නවා. බුදු අම්මෝ බලන්න එපැයිඋන් අතරෙ ෂෙයාර් වෙන ආගමික ලැදියාව. සාදු සාදු කියලා දොහොත් මුදුන් තියාගෙන වැදගෙන මුන් රැුයක් දවාලක් නැතුව ආගම රැුකගන්න මහ හටනක. බුදු පිළිමෙකට පස්ස හරවලා කෙල්ලෙක් ෆොටෝ එකක් දැම්මොත්, වැදගෙන පිළිමෙක ඉරියව්වකින් ඉන්න ෆොටෝ එකක් දැක්කොත් ඒකිට පට්ටෙට බැණුම්. ඒවට වැටෙන කමෙන්ට් දැක්කහම සතුටුයිත් එක්ක. මොකද එතකොට හිතෙන්නෙ අපේ ගමේ විතරක් නෙවෙයි රටේම තරුණ පහම්පරාව තමන්ගෙ ආගම ගැන කොච්චරනම් හිතනවද කියලා හිතලා.

අන්තර්ජාලෙ සැරිසරලා තමන්ගෙ ආගමට අවමන් කරන පිටරටක න`ථවෙක් හරි නිළියක් හරි, ආගමික පූජකවරුන් හරි හොයාගෙන මුහුණූ පොතට අප්ලෝඞ් කරලා ආගම රැුක ගන්න එක් වෙයව් කියලා සිංහ හඩ නගන අනගාරික තුමන්ලා මුහුණු පොතේ සුලභයි. ඒත් කීයෙන් කී දෙනෙක් ප‍්‍රායෝගිකවම මීට දායක වෙනවද කියන එක ගැට`ථවක්.
ආගම වෙනුවෙන් මුහුණු පොතේ විප්ලව කරන එහෙව් උන් ඉන්න රටේ මලක් පහනක් පත්තු කරන්න පන්සල් වල ආච්චිලා සීයලා විතරක් පෙළ ගැහෙන්නෙ ඇයි? තවමත් දායක සභාවේ සභාපතිකම තියා දායකාදිකාරීන් විදිහට තරුණ පිරිස් පෙළ නොගැසෙන්නෙ ඇයි? හරි ඒවා නොවුනයි කියමුකෝ..... පෝය දවසටවත් පන්සලක බෝධි පූජාවට ඉන්නෙ කොච්චර සු`ථ තරුණ පිරිසක්ද? උන් ආගම වෙනුවෙන් නන් දොඩන්නෙ මුහුණු පොතේ විතරද?

තාක්ෂණයේ විප්ලවීය වෙනස්කම් එක්ක සමාජ ක‍්‍රමයත් උඩු යටිකුරු වෙලා... 
මං බලාගෙන උන්නා. ටිකෙන් ටික අදුරු වැටුනා. මල් වට්ටි වෙන්දේසිය පටන් ගන්නවත් එක්ක තවත් එකා දෙන්න පන්සල් භූමියේ පය ගහන්න පටන් ගත්තා. මං බැලූවෙ තරුණ පරම්පරාවෙ උන් දිහා. අත් දෙකේ ඇගිළි වැඩිත් එක්ක උන්ගෙ ගණන කියන්න.


මුහුණු පොතේ ආගම වෙනුවෙන් හටන් කරන එකෙක්ටවත් බැරිවෙලා නොවැ පන්සල් එන්න. තාමත් ගැමි සුවදත් එක්ක පොර බදින නංගිලා මල්ලිලා කිහිප දෙනෙක් පන්සල් ඇවිත් තිබුණා.

ඒකට කාරි නෑ පන්සලේ ඝාන්ටාරෙ නාද වෙනවා. නවීන තාක්ෂණය කර පින්නා ගත්ත අපේ වුන් අන්තර්ජාලයත් එක්ක බෝධි පූජාවට පේ වෙලා ඇති. අනේ ගැටව් ගැටිස්සියනේ ඔය පොරේ වැරදී. තමන්ගෙ ආගම ක‍්‍රියාවෙන්ම අදහනවනම් පින වැඩියි. උඹල මුහුණු පොතේ ආගම වෙනුවෙන් පෙළ ගැහෙන්නෙ ශ‍්‍රද්ධාවටම වඩා තරුණ හිත්වල තියෙන රැඩිකල් බවට විත්තිය අපි දන්නවා. ඒත් ඔය වැඬේ හොද මදි. නොදැනුවත් කමින් ශ‍්‍රද්ධාවෙන් ඔය කරන්නෙ ආගම්වාදය ඇති කිරීමක් විතරයි.
සාගරිකා අමරසිංහ